ලලිත් චාමින්ද –
පවුලේ ආරවුලක් අතර තමන්ගේ දෙහැවිරිදි දරුවා ගේ ගෙලට පිහියක් තබා දරුවා මරා දමන බවට තර්ජනය කරමින් දරුවාගේ පපු ප්‍රදේශය පිහියෙන් කපා තුවාල කළ කරණවෑමියෙක් අත් අඩංගුවට ගත් බව රත්මගම පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 34 හැවිරිදිවියේ පසුවන රත්ගම රණපනාදෙණිය ප්‍රදේශයේ පදිංචි කරුණවෑමියෙකි. මොහු සහ බිරිය අතර පවුල් ආරවුල් සම්බන්ධයෙන් නිරන්තරයෙන් ගැටුම් පවතින බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
මේ පිළිබද මොහුගේ බිරිද විසින් තම සහෝදරියන් දෙදෙනා දැනුවත් කොට ඇත. ඔවුන් දෙදෙනා නිවසට පැමිණි අවස්ථාවේ දි ගැටුමක් ඇති වී තිබේ. එම අවස්ථාවේ දි සැකකාර පියා තම දෙහැවිරිදි වියේ පසුවන පුතු වඩාගෙන සිට ඇති අතර ඔහු දරුවාගේ ගෙලට පිහියක් තබා තමන් අසලට කිට්ටු නොවන ලෙස බිරිදගේ සහෝදරයින් දෙදෙනාට තර්ජනය කොට ඇති බැව් පොලිසිය පවසයි.
එම ආරවුලේ දි දරුවාගේ පපු ප්‍රදේශයට පිහිපහරක් වැදිමේ දි දරුවාට තුවාල සිදුවි ඇත. දරුවා කරාපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු ප්‍රථිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බැව් පොලිසිය පවසයි.
සැකකාර පියා අද (31) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය. රත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක යු.එල්.ඩි ප්‍රියන්තගේ මෙහෙයවිම යටතේ පරික්ෂණ පැවැත්වේ.







