සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 දෙවිනුවරදී මාළු වෙළෙන්දෙකු වෙඩි තබා ඝාතනය කෙරේ…. තුවාලකරු රෝහලේදී මියයයි!

by editor
පෙබරවාරි 21, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

දෙවිනුවර ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක් ඉදිරිපිටදී අද (21) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙකු මාතර මහා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි, ප්‍රදේශවාසීන් අතර “ඩිලයිට්” (Delight) යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන 56 හැවිරිදි   සිරිල් හෙන්දාවිතාරණ  නැමැති  මත්ස්‍ය වෙළෙන්දෙකි.

අද දහවල් කාලයේදී ඔහු සුපිරි වෙළඳසැල ඉදිරිපිට මාළු අලෙවි කරමින් සිටියදී අළු පැහැති මෝටර් රථයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු මෙම ප්‍රහාරය එල්ල කර ඇත. පොලිස් විමර්ශනවලට අනුව ඝාතනය සඳහා පැමිණ ඇත්තේ  KG 8715   මෝටර් රථයක් බවට සැක පහළ වී තිබේ.   වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ “ඩිලයිට්” වහාම මාතර මහා රෝහල වෙත රැගෙන ගියද, දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ජීවිතක්ෂයට පත්වූ බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි.

වෙඩි තැබීම සිදුකළ සැකකරුවන් ප්‍රහාරයෙන් අනතුරුව එම මෝටර් රථයෙන්ම පළා ගොස් ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ගන්දර පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.

මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පුද්ගලික ආරවුලක් හෝ පාතාල කල්ලි අතර පවතින ගැටුමක් මෙයට මුල් වී ඇත්දැයි යන්න පිළිබඳව ගන්දර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

මගින් ඔහුගේ දුරකථන වාර්තා සහ මෑතකදී ඔහු සමඟ ආරවුල් ඇති කරගත් පුද්ගලයන් පිලිබඳව ද පොලිසියේ අවධානය යොමු වී ඇති අතර සැකකරුවන් පැමිණි අළු පැහැති මෝටර් රථය හඳුනා ගැනීම සඳහා ප්‍රදේශයේ සී.සී.ටී.වී (CCTV) දර්ශන මේ වන විට පරීක්ෂාවට ලක් කෙරෙමින් ඇත.

කෙසේ වෙතත් පොලිසියට තොරතුරු ලැබෙමින් ඇත්තේ   මියගිය පුද්ගලයා  ප්‍රමුඛ පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන ‘උණාකුරුව ශාන්ත’ සහ ‘දෙවුන්දර තමිල්’ වැන්නවුන් සමඟ සමීප සබඳතා පවත්වා ඇති බවය. දැනට විමර්ශන අංශවල ප්‍රමුඛ අවධානය යොමු වී ඇත්තේ මෙම ඝාතනය වසර 25ක් පුරා ඇදී ආ පාතාල කල්ලි දෙකක් අතර පැවති වෛරයක ප්‍රතිඵලයක් ද යන්නය.

මීට වසර 25කට පෙර ‘ජුග්ගයා ලාල්’ නැමැති අයෙකු ඝාතනය කිරීමේ චෝදනාව මියගිය ‘ඩිලයිට්’ වෙත එල්ල වී තිබුනු බවත් එම නඩුවට පෙනී සිටීමට ගිය අවස්ථාවක ඔහු ගමන් කරමින් සිටි වෑන් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබුණත් ඔහු එහිදී දිවි ගලවා ගත් බවටත් තොරතුරු ලැබේ.

​ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගන්දර පොලිසිය සහ මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි

 

Share69Tweet43
Previous Post

ඉරාන උත්තරීතර නායකයා සහ අනුප්‍රාප්තිකයා ඝාතනය කිරීමේ ට්‍රම්ප්ගේ සැලසුමක් ලෝක සමාජයම තිගස්වයි!

Next Post

මන්ඩතිව් දූපතේ යෝජිත ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් නතර කරන  පරිසර වේදීහු ඉල්ලති!

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.