දෙවැනි ටෙස්ට් තරගයට බංගලි ප්‍රධාන පුහුණුකරු හතුරුසිංහ නෑ…

WELLINGTON, NEW ZEALAND - JANUARY 14: Coach Chandika Hathurusingha of Bangladesh looks on during day three of the First Test match between New Zealand and Bangladesh at Basin Reserve on January 14, 2017 in Wellington, New Zealand. (Photo by Hagen Hopkins/Getty Images)

බංගලාදේශ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ   මාර්තු 30 වැනිදා චැටෝග්‍රම් හිදී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා බංගලාදේශ දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයට සහභාගි නොවනු ඇති බව වාර්තා වේ.

ප්‍රධාන පුහුණුකරු පෞද්ගලික හේතූන් මත ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යන අතර, ඔහුට වහාම පිටත්ව යාමට අවශ්‍ය වන බව කියැවේ.

වැදගත් තරඟාවලියක් මධ්‍යයේ කණ්ඩායමෙන් ඉවත් වීමට ඔහුව පෙලඹවූයේ කුමක් දැයි විස්තර ලබා නොදී බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ලය මේ බව දන්වා  මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

මේ අනුව දෙවන ටෙස්ට් තරගයේ ප්‍රධාන පුහුණුකරුගේ වගකීම සහය පුහුණුකරු නික් පොතාස් වෙත පැවරීමට නියමිතය.


කෙසේ වෙතත්, මෙම කාල සීමාව තුළ හතුරුසිංහට අවශ්‍ය පෞද්ගලිකත්වය සහ අවබෝධය ලබා දෙන ලෙස බංගලාදේශ සියළුම පාර්ශවකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත් ඉනිම් දෙකේදීම ලකුණු 200 ඉක්මවා යාමට අපොහොසත් වීමෙන් බංග්ලාදේශය පළමු ටෙස්ට් තරගය ලකුණු 328කින් පරාජයට පත් විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මීට පෙර බංග්ලාදේශය තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජයගත් අතර විස්සයි20 තරගාවලිය තරග 2 -1ට ශ්‍රී ලංකාවට  පරාජයට පත්විය.

Exit mobile version