දෙවන සාම්පලයේත් ව්‍යාධි ජනක ජීවීන් තහවුරුයි… කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් චීන පොහොර තහනම් කරයි!

චීනයෙන් ගෙන ඒමට සැලසුම් කළ කාබනික පොහොර තොගයට අදාළව දෙවැනි සාම්පලයේ ද පැහැදිලිවම ව්‍යාධිජනකයින් සිටින බවට තහවුරු වීම මත අදාල පොහොර තොගය ගෙන ඒම නතර කර දමන බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා   පවසයි.

මහ කන්නයේ වගාව සඳහා ගොවි ජනතාවට කඩිනමින් ලබාදීම පිණිස කාබනික පොහොර ආනයනය කිරීමට සැලසුම් කළ ද අදාල පොහොර තොගය ව්‍යාධිජනකයින් සහිත වීම මත ශාක ආරක්ෂණ පනත ට පටහැනිව කටයුතු කළ නොහැකි වීමත් රට තුළට ව්‍යාධිජනක ඇතුළත් කර ගනිමින් හානිකර පරිසර තත්වයන් ඇතිවීම වළක්වාලීම හේතුවෙන් මෙලෙස පොහොර තොගය ගෙන ඒම නතර කර දැමූ බව ධ්‍යක්ෂ ජනරාල්වරයා කීය

නමුත් පවතින තත්වය යටතේ ගොවි ජනතාවට පොහොර ප්‍රශ්නයක් ඇති නොවීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වගබලා ගන්නා බවත් විදේශයෙන් ගෙන්වන ලද නයිට්‍රිජන් භාවිතා කොට කඩිනම් විසඳුම් මත පොහොර නිපදවා ගොවීන්ට ලබාදීමට කටයුතු කරන බවත් හෙතෙම කීය.


රටට අවශ්‍ය කාබනික පොහොර ඉල්ලුමට සරිලන සැපයුමක් සඳහා නැවත ආනයනය කිරීමට සිදු වනු ඇති නමුත් ඒ ඒ රටවල කාබනික පොහොර සාම්පල දැඩිව පරීක්ෂාකර ශාක ආරක්ෂණ පනතටත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ 1704 ප්‍රමිතියටත් අනුගතව ගෙන්වීමට කටයුතු කරන බව ද හෙතෙම කීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වන විට කාබනික පොහොර සැපයීමට සමාගම් විසිතුනක් ඉදිරිපත්ව ඇති අතර එම සමාගම විසින් සැපයීමට බලාපොරොත්තුවන සාම්පල මෙරටට ගෙන්වා දැඩි පරීක්ෂාවට ලක් කොට ලංකාවට ගෙන හැකි මට්ටමක ඇත්නම් පමණක් ගෙන ඒමට තීරණය කරන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය

Exit mobile version