දෙවන තුන්වන ඩෙංගු ප්‍රභේදත් පැතිරෙයි… කොරෝනා මැද රට ඩෙංගු අවදානමක

dengue

කීර්ති ප්‍රනාන්දු –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඩෙංගු වෛරසයේ දෙවෙනි සහ තුන්වැනි ප්‍රභේද මේ වනවිට වැඩි වැඩියෙන් රට තුළ ව්‍යාප්තවන බවට පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි ද වැඩි ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් රට තුළින් වාර්තා වීමට අවදානමක් පවතින බව ද ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.

ජාතික ඩෙංගු මර්ධන ඒකකය, ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ ආයතනය සහ වෛද්‍ය පරීක්ෂණ ආයතනය එක්ව සිදුකරන ලද පරීක්ෂණයක දී මෙම අනාවරණය සිදුකරගෙන ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය තහවුරු කරයි.

එම ඒකකය පවසන පරිදි මෙම වසර තුළ මේ දක්වා ඩෙංගු රෝගීන් 16,497ක් වාර්තා වී ඇත. මෙම මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන් 3029ක් වාර්තා වී තිබේ.

මෙම පිරිසෙන් වැඩිම කොටස බස්නාහිර පළාතේ වැසියන්ය. කුරුණෑගල, කෑගල්ල, මහනුරව, රත්නපුර, හම්බන්තොට සහ ගාල්ල දිස්ත්‍රික්වලින් ද රෝගීන් වැඩි වශයෙන් වාර්තාවන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.

Exit mobile version