දෙවන ටෙස්ට් තරගයේ කාසියේ වාසිය අයර්ලන්තයට… පිතිකරණය තෝරයි…

ශ්‍රි ලංකාව සහ අයර්ලන්තය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය අද (24) මේ වනවිට ගාල්ලේ දී ආරම්භ වී තිබේ.

කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීම තොරාගෙන ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම ලෙස නායක දිමුත් කරුණාරත්න,  නිශාන් මධුෂ්ක, කුසල් මෙන්ඩිස්, ඈන්ජලෝ මැතිවුස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා,  සධීර සමරවික්‍රම ( කඩුළු රකින ක්‍රීඩක), රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, අසිත ප්‍රනාන්දු සහ විශ්ව ප්‍රනාන්දු තරග වදිති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට තරගයේ මුල්ම කඩුල්ල දවා ගැනීමට විශ්ව ප්‍රනාන්දු සමත් වී ඇත. ඔහු පන්දු ඕවර දෙකක් යවා ආරම්භක පිතිකරු පීටර් මූර් ලකුණු 05කට දවාගෙන තිබේ.


Exit mobile version