බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දෙපිටකාට්ටුවන්ට සජබෙ ඉඩ නෑ… දෙපැත්තේ කකුල් තියාගෙන ඉන්නෙ නැතිව එක පැත්තක් තෝරගන්න….

විපක්ෂ නායක සජිත් මැයි දින රැළිය අමතමින් කියයි....

by editor
මැයි 1, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දෙපැත්තේ කකුල් තබා ගනිමින් දෙපැත්තම කන දෙපිටකාට්ටුවන්ට සමගි ජන බලවේගයේ ඉඩ නැති බවත්, එවැනන් සිටිනවා නම් පක්ෂයෙන් ඉවත් වි යන ලෙසත්   විපක්ෂ නායක සජිත්   අද (01) ඊ.ඒ. ගුණසිංහ ක්‍රිඩාංගනයේ පැවැති සමගි ජන බලවේග මැයි රැලිය අමතමින්  පැවසුවේය.

“ එහෙම අය අපි ලඟ නෑ… හිටියොත් කියලයි කිව්වේ. “ විපක්ෂ නායකවරයා කීවේය.

අද ඓතිහාසික මැයි දිනයක් බව කී විපක්ෂ නායකවරයා සමගි ජන බලවේගය රට තුළ මැයි රැළි දෙකක් පැවැත් වූ බව කීවේය.

එක මැයි රැළියක් තමන් ඇතුලු පක්ෂයේ ප්‍රධානීන් සම්බන්ධ වී ඊ.ඒ ගුණසිංහ ක්‍රීඩාංගනයේ පවත්වන බවත් අනෙක් මැයි රැළිය උඩරට වැඩකරන ප්‍රජාව වෙනුවෙන්  බදුලු නගරයේ වඩිවේල් සුරේෂ්, චමින්ද විජේසිරි, කාවින්ද ජයවර්ධන, වේලුකුමාර් උමා   ඇතුළු සමගි ජන බලවේගයේම ප්‍රධාන කණ්ඩායමක්  එක්ව පැවැත්වූ බවත් ආඩම්බරයෙන් ප්‍රකාශ කරන්නේ යැයි කීවේය.

සමගි ජන බලවේගයේ නායක,  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කළ සම්පූර්ණ කතාව මෙසේය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

“දේශපාලනය කරන්නේ පදවි අපේක්ෂාවෙන් නොවේ. අපි දේශපලනය කරන්නේ පද්ධතිය වෙනස් කරන්න. අපි රාජ්‍ය තනතුරුවලට කෑදර කමින් කෙළ හලන මහජන නියෝජිතයෝ නොවේ. අද දේශපාලන සමාජයේ මෙවන් අය ඉන්නවා. මම ඒ අයට පැහැදිලිව කියනවා දෙපිටිකාට්ටු වැඩ කරන්න එපා. හැම පැත්තෙම කකුල් තියා ගන්න එපා. ඔන නම් ඉන්න බැරි නම් යන්න. අපි ගාව දෙපිටිකාට්ටුවෝ නැ. හිටියොත් කියලයි මේ කිව්වේ.”

විශේෂයෙන්ම අද අල්ලස දූෂණය වංචාව රජ කරනවා. ජපන් රජයෙනුත් කොමිස් ඉල්ලුවා. දැක්ක නැති පෝර නැව්වලට ඩොලර් ගෙවපු ආණ්ඩුවක්. නැති එයා බස්වලට වන්දි ගෙවනවා. එක්ස්ප්‍රස් පර්ල් විනාශය මේ රටට අයිඑම්එෆ් එකත් අවුරුදු 4කින් ලබා දෙන බිලියන 2.9ට වැඩි ඩොලර් බිලියන 6.4 තක්සේරු කරලත් ඒකෙනුත් හොරා කෑවා. වංචා කළා. අපෙන් අහනවා ආණ්ඩුවට යනවද කියලා. අපි ආණ්ඩුවට යන්නේ සමගි ජන බලවේග ජනාධිපතිවරයා සමගයි මිත්‍රවරුනි.

බොහෝ දෙනෙක් අද කතා කරනවා අයිඑම්එෆ් එක ගැන. ඒ ඩීල් එක ගැන. මතක තියා ගන්න රණසිංහ ප්‍රේමදාස මැතිතුමාත් අයිඑම්එෆ් එකට 2පාරක් ගියා. කවුරුත් කිව්ව පලියට පොදු ජනතාවගේ සහන කැපුවේ නැ. ජන සවිය දුන්නා. ලක්ෂය දසලක්ෂය නිවාස හැදුවා. දුප්පත්කම තුරන් කරා. 43 ලක්ෂයක් දූදරුවන්ට නිල ඇදුම් දුන්නා. කන්න දුන්නා. දුප්පත්කම සුදුසුකම කරල අභ්‍යාසලාභී ගුරු පත්වීම් 30000ක් දුන්නා. අයි. එම්. එෆ් එකට මුලින්ම යන්න කිව්වෙත් අපි. දුර දැකලයි අපි කිව්වේ. සමගි ජන බලවේග රජයක් තුළ අපි 2048 වෙනකම් ඉන්නේ නැ. අපේ පළමු වාරය තුළ රට ගොඩනගන ප්‍රබුද්ධම ප්‍රශස්ත ආර්ථික කණ්ඩායම වන හර්ෂ කබීර් එරාන් ඇතුළු බුද්ධි මණ්ඩලය වෘත්තීයවේදීන් උගත් තරුණයන් යොදා ගෙන රට ගොඩනගනවා. අපිට විතරයි ඒ වගේ පිරිසක් ඉන්නේ.

අත් කකුල් කපන් නැතිව මේ රට බේර ගන්න පුලුවන්. හැබැයි මේ ආණ්ඩුව ලෙඩාව බේර ගන්න හදන්නේ අත් දෙක කපලා. කකුල් කපලා. කන් නාස කට කපලා. මේ විදිහට ලෙඩා බේර ගන්න ආර්ථික ඔස්තාර් තමයි රනිල්. අපි කිසිම දවසක කොටස් වෙලෙදපොල වහන්න හිතන්නැ. බැංකු වහන්න හිතන්නෑ. ආර්ථිකය වහන්නෑ. ආර්ථිකය සංකෝචය කිරීම කුඩා කිරිම දරා ගන්න බැරි විදිහට පොඩි මිනිහට බදු ගැසීම අපේ ක්‍රමය නෙවෙයි. අපි අමාරු තීන්දු තීරණ ගන්නවා. සුරංගනා කතාවලින් රට ගොඩනගන්න බෑ. සත්‍යවාදීව යථාර්ථවාදීව නූතන ආර්ථිකයක් තුළින් නව තාක්ෂණය තුළින් කර්මාන්ත විප්ලවය තුළින් පරිගණක විප්ලවය තුළින් සුබසාධන රාජ්‍ය රැකගෙන නවීකරණය කරමින් කාර්යක්ෂම කරමින් රට ගොඩනගන දැවැන්ත විප්ලවය ක්‍රියාත්මක කරන්න සූදානම් බව අද කියනවා.

අපේ වැඩපිළිවෙළ  ශ්‍රී ලංකා ෆස්ට්. ලොව ප්‍රථම තැනට අපේ රට පත් කිරිම. මේ රටේ ජනතාවට විහිලු තහලු සපයලා බලය ගන්න උත්සාහ කරන අය එහෙම කතාවක් කියන කොට හිනාවෙනවා.

හැබැයි මතක තියා ගන්න රුවන්ඩාවේ ඇති වූ ගැටුමෙන් ලක්ෂ 8ක් නැතිවුණා. ඒත් අද එය අප්‍රිකාවේ සිංගප්පූරුව. වියට්නාමයේ යුද්ධයෙන් විනාශ වුනත් අද බලන්න රට තියෙන තැන. පොල්පොට් පාලනයෙන් විනාශ වූ කම්බෝජියාව අද ශක්තිමත් ආර්ථියක් කරා යනවා. එසේ නම් අපේ අදහස ශ්‍රී ලංකා ෆස්ට්. ඒ වැඩපිළිවෙළ යටතේ දස වැදැරුම් වැඩපිළිවෙළක් තිබෙනවා. කම්කරුවන් ඇතුළු ජන සමාජයේ සැවොම ශක්තිමත් ජීවිතයක් ගත කළ හැකි සියලු දෙනා සවිබල ගන්වන නුතන ආර්ථිකයක් ඇති කරනවා. සැමට සංවර්ධනය සුබසාධනය සෞභාග්‍ය උදා කරනවා. මානව සිවිල් ආගමික සංස්කෘතික අයිතිය සුරකිනව. ප්‍රජාතන්ත්‍රවාදය මිනිස් නිදහස සුරකින මානව හිතවාදීත්වය සුරකිනවා. අල්ලස දුෂණය වංචාව සොරකම දුරලනවා. තරුණයන්ට මුල් තැන ලබා දෙනවා. නවින තාක්ෂණය තොරතුරු තාක්ෂණය තුළින් සුහුරු දේශයක් ඇති කරනවා. සුහුරු පුරවැසියෙක් සුහුරු නගරයක් ඇති කරනවා. නව කාර්මික විප්ලවයේ ව්‍යවසායකත්වයේ ප්‍රතිලාභ සුරකිනවා. හරිත විප්ලවයේ නිල ආර්ථිකයේ තිරසර සංවර්ධනය ක්‍රියාත්මක කරන රටක් ඇති කරනව. අපනයන භෝග කෘෂි ආර්ථිකය ඇතුළු වගා ක්‍රියාවලි නවීකරණය කිරිම තුළින් ශක්තිමත් කරනවා. අධ්‍යාපනය සෞඛ්‍ය නවීකරණය තුළින් කාර්යක්ෂම කරන සුබ සාධන රාජ්‍යයක් ඇති කරනවා. ජාති ආගම් කුල මල පන්ති භේද තුරන් කර ජාතික ආරක්ෂාව සුරක්ෂිත කර කුඩු සංස්කෘතිය විනාශ කර දේශභිමානය ඇති පෞඩ දේශයක් ඇති කරනවා අපි.

පහුගිය වසරෙ නුවරින් පාගමන් අරඹා මැයි දිනයක් කරා ගෙනවිත් මේ රටේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයට පන දුන්නා. මෙවර මැයි දිනයේදී රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුව හොර දුෂිත කොල්ලකරුවන් රකින ආණ්ඩුව ගෙදර යැවීමේ ජාතික විප්ලවය දියත් කරනවා.

වැඩ කරන ජනතාවට මම කියන්න කැමතියි අපේ රජයක් තුළ අයිඑම්එෆ් ගිවිසුම නැවත සාකච්ඡා කරනවා. නැවත සාකච්ඡා කරලා සාමාන්‍ය ජනතාවගේ පැත්තෙන් සාමාන්‍ය පොඩි මිනිහාගේ පැත්තෙන් ලක්ෂ 220කගේ අයිතිවාසිකම් සුරකින ප්‍රේමදාස යුගය නිර්මාණය කළ ජනතවාදී ජන හිතකාමී ගිවිසුමකට යන්න හදනවා. මැයි දිනයෙන් පසුව අපි නැවත වරක් ඔබේ ගමට එනවා. අද රටේ තියෙන්නේ ඡන්දයට බය බියගුලු නිවට ආණ්ඩුවක්. මිත්‍රවරුනි සමගි ජන පවුර ජාතික වැඩසටහන තුළින් පළාත් 9 දිස්ත්‍රික් 25ම නගර ගම් නියම්ගම් සිසාරා රට දිනවන මහා සමගි ජන පවුර නිර්මාණය කරනවා. ඡන්ද පොළ මට්ටමේ සියයයේ සිට 150 බලකාය නිර්මාණය කරලා දෙගුණ තෙගුණ කර ජුනි 16 සිට ආසන බල මණ්ඩලයකම එම ශක්තිය ගොනුකර සමාජ ප්‍රජාතන්තවාදී වෙළෙදපොල ආර්ථිකයේ දුප්පත් කම තුරන් කර සැමට ශක්තිය ලබා දෙන අපේම පෞඩ ලංකා මාතාව ගොඩනගන්න අත්වැල් බැද ගන්න එන්න කියා ඉල්ලා සිටිනවා

Tags: නවතම
Share69Tweet43
Previous Post

විප්ලවයෙන් පසු ප්‍රථම වරට ආර්ථික කාරණා මත කියුබාව මැයි දින පෙළපාළිය අත්හිටුවයි!

Next Post

ජනතාව වෙනුවෙන් බලය ලබා ගැනීමට මෙන්ම බලය අත්හැරීමටත් හැකි දේශපාලන අත්දැකීම් අපට තියනවා… හිටපු ජනපති මහින්ද රාජපක්ෂ

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

Comments 1

  1. Athula says:
    වසර 3ක් ago

    පනින ,ප්‍රතිපත්තියක් නැති සල්ලි දැක්කම මොලේ විකාර වෙන අය එපා

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.