දෙන්නෙක් දැනටමත් සිය දිවි නසාගෙන කුවේට් ඇවිත් අපිව බේරා ගන්න

ක්වේටි හි අසරණ වූ ශ්‍රි ලාංකිකයෝ ඉල්ලති

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


(වීඩියෝ සහිතයි) – කුවේට් හි පැතිරෙන නව කොරෝනා හෙවත් කොවිඩ් 19 වෛරසයට ශ්‍රි ලාංකිකයන් 400ක් පමණ ගොදුරු වී ඇති  බවත්, එරට රජයේ රෝහල්වලින් විදේශිකයන්ව ඇතුළත් කර ගැනීම ප්‍රතික්ෂේප කරන පසුබිමක් තුළ මෙම රෝගීන් දැඩි අසරණ බවට පත්ව තමන් සිටින ස්ථානවලම ප්‍රතිකාර රහිතව රැඳී පැරසිටමෝල් පමණක් භාවිත කරමින් කල් ගෙවන බව  බවත් වාර්තා වේ. මෙලෙස සිටි කොරෝනා ආසාදනය වූ කාන්තාවක් සහ තරුණයකු සිය දිවි නසා ගෙන ඇති බවත් ඊයේ  (28) හවාලි නගරයේ සිට වීඩියෝවක් මුදා හල ශ්‍රි ලාංකික තරුණයෙක් ප්‍රකාශ කළේය.

“වෙනත් රටවල සෞඛ්‍ය කණ්ඩායම් ඖෂධත් අරන් ඇවිත් ඒ රටවල රෝගීන්ට ප්‍රතිකාර කරනවා… අපටත් ලංකාවෙන් සෞඛ්‍ය කණ්ඩායමක් එවන්න….“ මේ තරුණයා කියන බිහිසුණු යථාර්ථය පහත වීඩියෝවෙන් අසන්න…

Exit mobile version