පොසොන් පුන් පොහොය යෙදුණු අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ජනාධිපති සමාව ලැබූ දුමින්ද සිල්වා මීට ටික වෙලාවකට පෙර බන්ධනාගාරයෙන් පිටව ගියේය.
දෙනෝ දාහක් ඉදිරිපිට භාරත ලක්ෂ්මන් ප්‍රේමන්ද්‍ර මහ මග දී ඝාතනය කළ වරදට ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මරණීය දණ්ඩනය ලැබ අභියාචනාධිකරණයෙන් එම දණ්ඩනය තහවුරු කර සිටි සිරකරුවෙකි.
ඔහු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මෙන්ම එවකට ආරක්ෂ ලේකම්වරයා යටතේ තිබූ ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා ද විය.
සෞඛ්‍ය හේතු නිසා සිය දඬුවම් කාලයේ සැලකිය යුතු වකවානුවක් බන්ධනාගාර රෝහලේ ගතකළ බව බන්ධනාගාර ආරංචි මාර්ග කීවේය. දුමින්ද සිල්වා බන්ධනාගායෙන් පිටවී ගියේ මෙසේය.