දිවුලපිටිය චූන් පාන් අලෙවි කරුවෙකුට සහ හෝටල් හිමියෙකුට කොවිඩ්

කටුවැල්ලේගම, මරදගහමුල, දිවුලපිටිය ආවරණය වෙන්න ජංගම රථයෙන් බේකරි කෑම විකුණලා....

කීර්ති ප්‍රනාන්දු – මිනුවන්ගොඩ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දිවුලපිටිය ප්‍රදේශයේ ප්‍රධාන හෝටලයක හිමිකරුවෙක් සහ පාන් බනිස් ඇතුළු බේකරි ආහාර අලෙවි කරන ජංගම රථයක පුද්ගලයෙක් කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වීම නිසා විශාල ගැටලුවකට ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ මුහුණ දී ඇතැයි දිවුලපිටිය කටාන ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.යූ.සී.එස්. කුලතිලක ලංකාසරට පැවසීය.
කොවිඩ් ආසාදිත හෝටල් හිමිකරු හෝටලයේ අයකැමි ලෙස කටයුතු කර තිබෙන අතර පී.සී.ආර් පරීක්ෂණයට ලක් කළ දිනයේ දී ඔහුගේ හෝටලයෙන් ප 300ක් පමණ අලෙවි කළ බව ඔහු සෞඛ්‍ය අංශවෙත දන්වා ඇත.
එමෙන්ම ජංගම බේකරි රථයෙන් කෑම අලෙවි කළ තැනැත්තා දිවුලපිටිය, කටුවැල්ලේගම, මරදගහමුල ප්‍රදේශය අවරණය කරමින් විශාල ප්‍රදේශයක අලෙවි කටයුතු කර ඇතැයි වාර්තා වේ.

Exit mobile version