කීරති ප්‍රනාන්දු –
දිවුලපිටිය සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ අස්වැන්නවත්ත සහ මැල්ලවගෙදර ප්‍රදේශවලින් කොවිඩ් ආසාදිතයන් 41 දෙනෙක් අද (21) දහවල් සිදුකරන ලද ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණවලදී වාර්තා වූ බව දිවුලපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඒ.යූ.ටී.කුලතිලක පැවසීය.
එම ප‍්‍රදේශ දෙකේ පුද්ගලයින් 162කට කරන ලද ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණවලදී මෙම රෝගීන් 41 දෙනා වාර්තා වූ බව ඔහු ප්‍රකාශ කළේය.
මෙසේ වාර්තා වූ රෝගීන්ගෙන් පිරිසක් ඉකුත් දා අස්වැනන්වත්ත ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයක් සඳහා සහභාගී වූවන්ය.
මෙහි තවත් පිරිසක් මැල්ලවගෙදර ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක මිතුරන් පිරිසක් සමග විනෝද චාරිකාවටක සහභාගීවූවන් බවත් එම කර්මාන්තශාලාවේ පිරිසද කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගත් බවත් ඔහු කීවේය.
මෙම ආසාදිතයන් අතර අවුරුද්දක කුඩා දරුවෙක් ද වන බව ඔහු පැවසුවේය. දරුවාට කොවිඩ් වැළඳී ඇත්තේ ආසාදිත පුද්ගලයෙක් විසින් හාදුවක් ලබා දීමෙන් බව සැකයක් ඇති වී තිබේ.







