අද (01) සිට දිවයින පුරා ඇති බලපත්‍ර සහිත සියලුම සුරාසල් මුද්‍රා තැබීමට කටයුතු කළ බව සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පවසයි.
ඒ අනුව රටපුරා සුරාබදු බලපත්‍ර සහිත ස්ථාන මුද්‍රා තැබීමට සියලු දිස්ත්‍රික් බාර සුරාබදු අධිකාරිවරුන්ට සහ ස්ථානාධිපතිවරුන්ට සුරාබදු කොමසාරිස්වරයා විසින් උපදෙස් ලබා ලබාදී තිබේ.
සංචරණ සීමා පැනවූ වකවානුව තුළ පනවා ඇති නීති රාමුව නොසලකා රහසේ මත්පැන් විකිණීම වැළැක්වීමටත් එවැනි සුරසල් හිමියන්ට විවිධ පාර්ශවවලින් එල්ලවෙමින් ඇති බලපෑම් නතර කිරීමටත් මෙම තීරණය ගත් බව සුරබදු කොමසාරිස්වරයා කියයි.