දිල්ලියට ඔක්සිජන් සපයන්න අපොහොසත් වුවොත් ආණ්ඩුවට එරෙහිව උසාවියෙන් නඩු

ඉන්දියාවේ නවදිල්ලිය පුරා ඇති රෝහල්වලට වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔක්සිජන් ලබාදීමට අපොහොසත් වුවහොත් මධ්‍යම රජයට එරෙහිව පියවර ගන්නා බව දිල්ලි මහාධිකරණය අනතුරු අඟවා ඇත.

දිල්ලි පරිපාලනය පවසන්නේ එහි ඔක්සිජන් සංචිත නොමැති බවයි.

ස්ථාවර ඔක්සිජන් සැපයුමක් ලබාදීමට අපොහොසත් වුවහොත් මධ්‍යම රජයේ නිලධාරීන්ට දඬුවම් කිරීමට පටන් ගන්නා බවද දිල්ලි මහාධිකරණය කියා සිටී.


කලින් පොරොන්දු වූ පරිදි දිල්ලියට ඔක්සිජන් මෙට්‍රික් ටොන් 490 ක් සපයන ලෙස අධිකරණය රජයෙන් ඉල්ලා සිටියේය.

රෝහල්වල හදිසි අවශ්‍යතා සපුරාලීම සඳහා ඔක්සිජන් සංචිතයක් නොමැති බවට ෆෙඩරල් රජය කළ ප්‍රකාශය සැලකිල්ලට ගනිමින් අධිකරණ නියෝගය නිකුත් කර ඇත.

අගනුවර වන නවදිල්ලියේ සහ රට පුරා බොහෝ රෝහල්වල ඔක්සිජන් හිඟයක් හේතුවෙන් මරණ වාර්තා වී ඇති අතර වසංගතයෙ දෙවන රැල්ලෙන් රට දැඩි ලෙස පීඩාවට පත්ව ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ඔක්සිජන් හිඟය නිසා සිදුවන මරණ දැන්
ඉහටත් උඩින් ගිහින්. මේ හොඳටම ඇති. ඔබ දැන් සියල්ල සූදානම් කළ යුතුයි. ඔක්සිජන් නොමැතිකම හේතුවෙන් රෝගීන් අට දෙනෙකු අදත් මියගොස් තිබෙනවා” යනුවෙන් විනිසුරු මඩුල්ල පැවසීය.

Exit mobile version