දියවන්නා ඔයේ බෝට්ටු අනතුරකින් පුද්ගලයකු අතුරුදන්

දියවන්නා ඔය ආශ්‍රිතව ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයන් දෙදෙනකු රැගත් ඔරුවක් අද අළුයම පොල්දූව පාලම අසලදී පාර්ලිමේන්තුවට ආරක්ෂාව සපයන ආරක්ෂක යාත්‍රාවක ගැටීමෙන් සිදුවූ අනතුරින්  දියට වැටුණු එක් පුද්ගලයෙක් අතුරුදහන්ව  ඇත.

බුත්ගමුව ප්‍රදේශයේ පදිංචි බව කියන මෙම පුද්ගලයන් අළුයම එම ඔරුව මඟින් පොල්දූව පාලම ආසන්නයට පැමිණ ඇති අතර එහිදී මුර සංචාරයේ යෙදුණු යාත්‍රාවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අතුරුදන් පුද්ගලයා සොයා මේ වනවිට මෙහෙයුම් ක්‍රියාත්මක වේ.


Exit mobile version