සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දියවඩන නිළමේ ධූරයට තරග වදින ඇතැම් අපේක්ෂකයන්ට මඩ ප්‍රහාර…

තරගයේ ඉන්න නාථ දේවාල බස්නායක නිලමේ CID යයි...

by Lankasara News
සැප්තැම්බර් 15, 2025 - Updated on සැප්තැම්බර් 18, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය සඳහා පවතින තරඟකාරීත්වය උත්සන්න වීමත් සමඟ මේ වනවිට අපේක්ෂකත්වය ප්‍රසිද්ධ කර තිබෙන නිලමේවරුන්ට සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ප්‍රහාර එල්ල කීරීමේ ක්‍රමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් දියත් වෙමින් තිබෙන බවට බස්නායක නිලමේවරු චෝදනා කරති.

ඒ සම්බන්ධව මේ වනවිට මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමගේ ද අවධානය යොමුව තිබේ.

අදාළ වැඩපිළිවෙළ තුළ නිලමේවරුන්ගේ පමණක් නොව ඔවුන් ගේ පවුලේ උදවියගේ ද චරිත ඝාතනය කිරිමේ සැළසුමක් ක්‍රියාත්මක වෙමින් ඇත.

එවැනි සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර නාථ දේවාලයේ බස්නායක නිලමේ, දියවඩන නිලමේ ධුර අපේක්ෂක ඒ.බබ්ලිව්. එස් බණ්ඩාරනායක මහතා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (15) පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ.

තමන්ගේ හා පවුලේ උදවියගේ කීර් ති නාමයට කැළලක් ඇති කිරීමේ අරමුණින් දියත් කර තිබෙන මෙම මඩ ව්‍යාපාරය පසුපස දියවඩන නිලමේ ධුරය අපේක්ෂාවෙන් පසුවන පුද්ගලයින් සිටින බවට සැක කරන බවත් ඔවුන් කවුරුන්ද යන්න අනාවරණය කර ගැනීමේ අපේක්ෂාවෙන් අදාළ පැමිණිල්ල කළ බවත් ඒ මහතා කීය.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

තමන් අභියෝගයක් යැයි සිතන කවුරුන් හෝ මේ පසුපස සිටින බවත් මඩ ප්‍රහාර තුළින් තමන්ගේ ගමන නතර කළ නොහැකි බවත් හෙතෙම අවධාරණය කළේය.

පිටිසර දේවාල වල බස්නායක නිලමේවරයකෙු ලෙස දශක දෙකක පමණ කාලයක් කටයුතු කර මහනුවර කතරගම දේවාලයේ බස්නායක නිලමේ ධුරයට තමන් පත්වූයේ විශාල අත්දැකීම් ගොන්නක් සමඟ බවත් පරපුරක උරුමය ද සමගින් දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරයට තමන් පැමිණීම වැලැක්වීමට කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත් බණ්ඩාරනායක මහතා පැවසුවේය.

දියවඩන නිලමේ ධුරයේ ප්‍රදීප් නිලංග දෑල මහතා වසර 20 ක කාලයක් කටයුතු කළ බවත් තව දුරටත් එකම පුද්ගලයා එම ධුරය නොදැරිය යුතුය යන මතයේ තමන් සිටින බවත් ඒ මහතා කීවේය.

තමන් දියවඩන නිලමේ ධුරයට පත් වූ පසු වසර පහ බැගින් අවස්ථා දෙකක් පමණක් ධුරය දැරිය හැකි ලෙස විහාර දේවාලගම් ආඥා පනතට සංශෝධන ගෙන ඒම සඳහා යෝජනා ඉදිරිපත් කරන බව ද නිලමේවරයා ප්‍රකාශ කළේය.

වත්මන් දියවඩන නිලමේවරයා ශ්‍රී දළදා මාලිගාව වෙනුවෙන් හොඳ සේවයක් කළත් ශාසනය වෙනුවෙන් සැලකිය යුතු සේවයක් නොකළ බවත් තමන් පත්වූ පසු දළදා මාලිගාව කේන්ද්‍ර කර ගනිමින් සුවිශාල ශාසනික සේවයක් සිදු කිරීමට සැළසුම් කර තිබෙන බවත් හෙතෙම පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති ප්‍රධානත්වයෙන් මරදාන දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය ඇරඹේ!

Next Post

හොංකොං ක්‍රීඩකයින් කියා දි ගිය පාඩම… හොඳටම දඟලා ලබා ගත් කඩුළු 04ක “විජයග්‍රහණය”…

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.