දියර පොහොර කෑන් පුපුරනවා නම් එහි ප්‍රමිතියක් නෑ…  මහාචාර්ය බුද්ධි මාරඹේත් කියයි!

පුපුරා ගිය දියර පොහොර...

ගොවීන් සඳහා ලබාදුන් දියර පොහොර බහලුම්    පුපුරා යන්නේ එම පොහොරවල අපේක්ෂිත ප්‍රමිතිය නොමැති නිසා බව  පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ  අද (13) පැවසුවේය.

පොහොර නිසි ප්‍රමිතියෙන් යුතු නම් තවදුරටත් පැසීමේ ක්‍රියාවලියක් සිදුනොවන බව පවසන මහාචාර්යවරයා මෙවැනි පොහොර පිළිබඳ නියාමනය කිරීම ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නිශ්චිත වගකීමක් බව පෙන්වා දෙයි. කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුව ඇතුළු සෑම රාජ්‍ය ආයතනයකටම මේ වගකීමෙන් බැහැරවීමේ අවස්ථාවක් නැති බව ද ඔහු සඳහන් කරයි.

“ දැන් පොහොර සම්බන්ධ ගැටලුවක් ඇති වෙලා තියනවා. මේ තත්වය මත ව්‍යාපාරික ප්‍රජාවත් හැසිරෙන්න ඕන වගකීමකින්.  වෙළෙඳ අරමුණු පමණක් ඉලක්ක කරගෙන මේ විදිහට කටයුතු කිරීම කිසිසේත්ම සුදුසු නෑ.  ඔවුන් නිශ්පාදකයො නම්  ඒ සඳහා ජනතා ඉල්ලුමක් පවතීනම් ඔවුන්ගේ බැඳිලා ඉන්නවා ප්‍රමිතියක් සහිතව තමන්ගෙ නිශ්පාදන වෙළෙඳපලට නිකුත් කරන්න. මොකද කාබනික පොහොර  සඳහා ප්‍රමිති කාර්යාංශය විසින් ප්‍රමිතියක් හඳුන්වා දීලා තියනවා.  මේ නිශ්පාදනයන් අදාල ප්‍රමිතියට සිදුකරනවාද යන්න ගැන නිසි නියාමනයක් අවශ්‍යයි.“


මහාචාර්යවරයා කීවේය. දෙන ඕනෑම දෙයක් බාරනොගෙන තමන් බාරගන්නේ කුමක් දැයි නිශ්චිතව සොයා බලා තීරණය කිරීමට වගකීමක් ගොවි ප්‍රජාව වෙතත් පවතින බව මහාචාර්යවරයා කීවේය.

“ මේ මොන පොහොර යෙදුවත් තම තමන්ගෙ ආරක්ෂාව තම තමන් හදාගන්න. අවම වශයෙන් අත්වැස්මක්වත් පාවිච්චි කරන්න. “

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අවසාන වශයෙන් මහාචාර්යවරයා පෙන්වා දුන්නේ පොහොර නොමැතිකමින් අස්වැන්නේ හායනයක් ඇතිවිය හැකි බැවින් රටේ සියලුම බලධාරීන් ඒ පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් බවයි.

Exit mobile version