සිකුරාදා, ජූලි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිඹුලාගල සේනාසනයේ ක්‍රිස්තු පූර්ව යුගයට අයත් ආරාමික නටබුන් පුරා වස්තු සංහාරකයෝ බෝර දමා වනසති…

by editor
දෙසැම්බර් 19, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

  • කිව්වට වැඩක් නෑ… බලධාරීන් බලන්නේ නෑ… සිංහපුර චේතියාලංකාර හිමි

    කවුරුත් කියලා නෑ… ගිහින් බලන්නම්… පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව…

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කඳුමුදුනේ, නිදන්ගල ප්‍රදේශයේ මලියදේව මහරහතන් වහන්සේ සහ භක්කුල මහරහතන් වහන්සේ ධර්ම දේශනා කර ඇති බවට ජන වහරේ පැනෙන පිදුබිමේ ක්‍රිස්තු පූර්ව යුගයට අයත් ඓතිහාසික බෞද්ධ ආරාමි නටබුන් විනාශ කරමින් පුරාවස්තු සංහාරකයින් බිහිසුණු අපරාධයක් සිදුකර ඇති ආකාරය වාර්තා වේ.

නටබුන්ව පවතින ප්‍රධාන චෛත්‍යය ඇතුළු පරිවාස චෛත්‍යයත්, සඳකඩ පහණ, මල් ආසන, සහිත පෞරාණික පුරාවස්තු රැසක් මෙම ම්ලේච්ඡ සංහාරකයින්ගේ ග්‍රහණයට හසු වී තිබේ.

මේ පිළිබඳව ආරක්ෂක අංශ නිලධාරීන් සහ පුරාවිද්‍යා නිලධාරීන් දැනුවත් කළ ද ඊට මෙතෙක් කිසිදු නියමානුකූල විසඳුමක් ගෙන නොමැති බව ද දක්නට ඇත.

කඳු මුදුනේ තිබූ ඉපැරණි චෛත්‍යය, සඳකඩපහන්, ඇතුළු වටිනා පුරාවස්තු ස්ථාන හොරුන් විසින් වැනසිම නිසා ඓතිහාසික උරුමය අනාගතයට ආරක්ෂා කිරීමේ ජාතික වගකීම ගිලිහී ගොස් ඇති ආකාරයත්, ජාතියක් ලෙස අප සියලු දෙනාම හිස් මිනිසුන් බවට පත්වන තත්ත්වයක් නිර්මාණය වී ඇති ආකාරයත් පුල්ලිගොඩ රජමහා විහාරාධිපති සිංහපුර චේතියාලංකාර නාහිමියෝ සඳහන් කලහ.

නිදන් හෑරීමෙන් අනතුරුව හොරුන් විසින් දමා ගිය වයර්, පහන්, බාල්දි, තාච්චි, ඇතුළු උපකරණ කිහිපයක් ප්‍රදේශවාසීන් විසින් සොයාගෙන තිබේ.

RelatedPosts

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

මීට දින කිහිපයකට පෙර සිට ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ නිදන්ගල ප්‍රදේශයේ පුරාවස්තු සංහාරකයින් බරපතල විනාශයක් කරගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත, රාත්‍රී කාලයේදී කඳු මුදුනේ ගල්වෙඩි දමන ශබ්ද පවා තමන්ට ඇසුණු බව ද ඒ පිළිබඳ අදාළ බලධාරීන් දැනුවත් කළද, බලධාරීන් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම කණගාටුවට කරුණක් බව ද සිංහපුර චේතියාලංකාර නාහිමියෝ ලංකාසරට පැවසූහ.

පොළොන්නරුව ඇතුළු අවට ප්‍රදේශය සංචාරක ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණද, එම සංචාරකයන්ට දැක බලා ගැනීමට පවතින, ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ පුරාවස්තු මෙන්ම පෞරාණක සිද්ධස්ථාන මෙලෙස පුරාවස්තු සංහාරකයින් විසින් විනාශ කරන්නේ නම් සංචාරක ව්‍යාපාරයට පාදක කරගන්නේ මොනවාදැයි නා හිමියෝ නව රජයේ සංස්කෘතික ඇමතිවරයාගෙන් විමසති.

මෙම පුරාවස්තු විනාශ කිරීම පිළිබඳව දිඹුලාගල පුරාවිද්‍යා කාර්යාලයෙන් දුරකථනයෙන් කල විමසීමකදි එහි නිලධාරීයෙකු සඳහන් කළේ, ගම්වාසීන් සහ නාහිමියන් ඒ පිළිබඳව තම කාර්යාලය දැනුවත් කර නොමැති බවය. ,තමන් එම ස්ථානයට ගොස් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට කටයුතු කරන බව ද එම නිලධාරියා පැවසුවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මහ මෝල්ලු නාඩු බාන්න දාන කොන්දේසි නිසා සිල්ලර කඩ හිමියන් බරපතල අවුලක!

Next Post

පොලිස් බලය අවලමේ යවා රුපියල් තුන් ලක්ෂ අනූ දාහක මුදලක් සහ පවුම් 04ක රන් භාණ්ඩ කොල්ල කෑ පොලිස් හොරෙක් අත් අඩංගුවට… තවත් දෙදෙනෙක් අත් අඩංගුවට ගැනීමට සූදානම්….

Related Posts

පුවත්

වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

ජූලි 24, 2026
පුවත්

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

ජූලි 24, 2026
පුවත්

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

ජූලි 24, 2026

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

ජූලි 24, 2026

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”
  • චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.