මනම්පිටිය නිමල් ජයරත්න –
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට අයත් කොස්ගහඋල්පත රක්ෂිත ප්‍රදේශයේ මීට දින කිහිපයක සිට සංවිධානාත්මක කණ්ඩායමක් විසින් යාන්ත්‍රික කියත් ආධාරයෙන් මහා පරිමාණ දැව ජාවාරමක් සිදුකරන බව ප්‍රදේශවාසීන් අනාවරණය කරයි.
-
විනාශ කර ඇති දැව වර්ග
පිරිනිවන් මංචකය දක්වා දිවෙන මාර්ගය දෙපස පිහිටි ඉතා වටිනා සහ දුර්ලභ ගණයේ ශාක රැසක් මෙලෙස කපා දමා ඇත. ඒ අතර ප්‍රධාන වශයෙන් පලු, වීර, මිල්ල, මාදං ශාඛ වේ.
ප්‍රදේශයේ පරිසරවේදීන් සහ ගොවි සංවිධාන පෙන්වා දෙන්නේ මීට පෙරද අවස්ථා කිහිපයකදී මෙලෙස සංවිධානාත්මකව රක්ෂිතයේ දැව සොරාගෙන ඇති බවය. දිවා රාත්‍රී නොබලා සිදුවන මෙම වන සංහාරය පිටුපස ප්‍රබල කණ්ඩායමක් සිටින බවට ඔවුහු සැක පළ කරති.

-
බලධාරීන්ගේ අවධානයට
ඓතිහාසික දිඹුලාගල කන්දේ කොස්ගහඋල්පොත ප්‍රදේශයේ සිදුවන මෙම පරිසර විනාශය වහාම නතර කිරීමට මැදිහත් වන ලෙස ප්‍රදේශවාසීන් සහ පරිසර සංවිධාන අදාළ බලධාරීන්ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටියි.

“මේ පිළිබඳව මා දැනුවත් වී සිටියේ නැහැ. කෙසේ වෙතත්, වහාම ක්‍රියාත්මක වී වන සංරක්ෂණ නිලධාරීන් සහ අදාළ අංශ දැනුවත් කිරීමට පියවර ගන්නවා.” දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියෝ කීහ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් කරුණු විමසීමට අප දිඹුලාගල වන සංරක්ෂණ කාර්යාලයේ නිලධාරීන් සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයකදී උත්සාහ කළද, එම උත්සාහයන් ව්‍යාර්ථ විය.







