දින 10කට පෙර නුවරදී  වළදැමුවේ කොවිඩ් මරණයක් දැයි සැකයක්…

අද මහනුවර නගර සීමාව තුළ මිය ගිය කොවිඩ් ආසාදිත කාන්තවගේ සැමියාත් දින 10කට පෙර මිය ගිහින්... පී.සී.ආර්. නොකර වළ දමලා.. 

නුවර නගර සීමාව තුළ සිදු වූ මුල්ම කොවිඩ් මරණයට ගොදුරු වූ කාන්තාවගේ ස්වාමිපුරුෂයා මීට දින 10කට පෙර මිය ගොස් ඇති බවත්, ඔහුගේ දේහයට පී.සී.ආර්. පරීක්ෂණ සිදු නොකර ග්‍රාම නිලධාරී උපදෙස් මත වළ දමන ලද ආකාරයත් හෙළිදරව් වේ.

මෙසේ මියගොස් ඇත්තේ මහයියාව ධම්මදස්සී මාවතේ 73 හැවිරිදි රාමයියා නැමැත්තෙකි. මේ තැනැත්තා මිය යන්නේ කොවිඩ් අවදානම අධිකම කලාපයක් සේ මුල සිට හඳුනා ගැනෙන මහයියාව ධම්මදස්සී මාවතේ දී ය.

කොවිඩ් නිරෝධායන නීති ප්‍රකාරව මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාවක් කැඳවන්නේ නැතිව දේහය සමබන්ධව තීන්දු ගැනීම තහනම් කර තිබිය දී සිදුකළ මේ වළදැමීම ගැටළු රාශියක් ඇති කර තිබෙන බවත්,  බොහෝ විට මිය ගිය පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙක් විය හැකි බවත් පවසන මහනුවර හදිසි මරණ පරීක්ෂකවරයා  මේ වන විට ඔවුන්ගේ ආශ්‍රිතයන් සියලු දෙනාට කොවිඩ් වැළඳීමේ බරපතල අවදානමක් ඇති බව කියයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් නොකර කොවිඩ් නිරෝධායන නීති උල්ලංඝ‍ණය කරමින් අනවශ්‍ය ගැටලු රාශියක් ඇති කරන දේහය වල දැමීමේ  නීති විරෝධී තීන්දුව ගැන දිසාපතිවරයාටත්, පොලිසියටත්, සියලු වගකිවයුතු අංශවලටත් දැනුම් දෙන බවත් හදිසි මරණ පරීක්ෂකවරයා කීය.

Exit mobile version