දින 03කට පෙර සමනලවත්තේ දී අතුරුදහන් වූ බව කී පුද්ගලයා ගම්වාසීන් විසින් පොලිසියට භාර දෙයි!

Arrested

බලංගොඩ සමනලවත්ත ප්‍රදේශයේ දී දින තුනකට පෙර  අතුරුදහන් වූ බව පවසමින් ප්‍රදේශයම තිගැස්වූ  පුද්ගලයා ගම්වාසීන් විසින්ම අල්ලා පොලිසියට භාර දී ඇත.

මෙසේ පොලිස් අත්අඩංගුවට පත් වී ඇත්තේ තුෂාර සම්පත් නැමැති 39 හැවිරිදි පුද්ගලයෙකි.

ඒ ඔහු බලංගොඩ දියවේල්ල ප්‍රදේශයේ නිවසකට පැන එහි තිබූ රුපියල් 12000ක් සහ නිවෙස් හිමියන් ආහාරයට ගැනීම සඳහා සකසා තිබූ බත් මුට්ටිය සොරකම් කරගෙන පලා යෑමට උත්සාහ කරද්දීය.

පෙරේදා දළු කැඩීමට නිවසින් පිටතට ගිය ඔහු නිවසට නොපැමිණි බව ඔහුගේ බිරිය බලංගොඩ පොලිසියට  පැමිණිලි කර තිබිණි. පොලිසියෙන් ඔහුව සෙවීම සඳහා විශාල මෙහෙයුමක් දියත් කරනු ලැබුවේ දින දෙකක් වෙහෙසෙමිනි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ප්‍රදේශයේ මින් දින 08කට පෙර අතුරුදහන් වූ  48 හැවිරිදි පුද්ගලයෙක් සහ වසර පහකට පෙර අතුරුදහන් වූ බව කියන 09 හැවිරිදි දරුවා  සම්බන්ධව මෙතෙක් තොරතුරු ලැබී නැති බව වාර්තා වේ.

Exit mobile version