දෑත් දම්වැලින් බැඳ හිසට වෙඩි තැබූ පුද්ගල මළ සිරුරක් කැළණි ගඟේ රණාලෙන් හමුවෙයි

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දෑත් විලංගු දැමූ ආකාරයෙන් දම්වැල්වලින් බැඳ ඉබි යතුරු දමා ඇති පුද්ගලයකුගේ මළ සිරුරක් නවගමුව රණාල ප්‍රදේශයේ දී සොයාගෙන ඇති බව පොලිසිය ආරංචි මාර්ග පවසයි.

කැලණි ගඟේ පාවෙමින් තිබී සොයා ගෙන ඇති මෙම මළ සිරුර නරක් වී ඇති තත්ත්වයක පවතින අතර මෙතෙක් මිය ගිය පුද්ගලයා කවුරුන්ද යන්න හඳුනාගෙන නොමැත. සිරුරේ උඩුකය නිරාවරණය වී තිබි ඇති අතර නිල් පැහ ඩෙනිම් කලිසමක් සහිතව සිරුර හමුවී තිබේ.

හිසට වෙඩි පහර දෙකක් එල්ල වී ඇති සලකුණු ද ඇති බවත් පුද්ගලයා වයස අවුරුදු 50ක් පමණ වන අයෙක් බවත් පොලිසිය කියයි.

පසුගිය 23 වැනිදා හංවැල්ල පොලිසියට පුද්ගල පැහැර ගැනීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇති බව වාර්තා වන අතර එම පැමිණිල්ලෙන් කියවී ඇත්තේද එම ප්‍රදේශයේ තාවකාලික නවාතැනක පදිංචිව සිටි පුද්ගලයකු කණ්ඩයමක් පැමිණ දෑත්වලට දම්වැල් දමා පැහැර ගෙන ගිය බවකි.

මෙසේ මියගොස් ඇත්තේ එම පුද්ගලයාදැයි පොලිසිය සැක කරන අතර  මේ වනවිට  සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුවන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Exit mobile version