දිනසේන රතුගමගේ
යාපනය වඩමරච්චි නැගෙනහිර ප්‍රදේශයේ ධීවරයින් පිරිසකගේ දැලකට කිලෝ ග්‍රෑම් 2000 ක් පමණ බර අඩි 8 ක් පමණ දිග ඉතා දුර්ලභ ගණයේ මිණිමුතු මෝරෙකු ඊයේ ( 25 ) හසු වී තිබේ.
ධීවරයින් පිරිස දැඩි පරිශ්‍රමයක් දරා එම මිණිමුතු මෝරා දැලෙන් නිදහස් කොට යළි මුහුදට මුදා හැර තිබේ.
ගැඹුරු මුහුදේ සිටින මෙම මිණිමුතු මෝරා දුර්ලභ ගණයේ මත්ස්‍යයෙක් වන අතර උතුරු මුහුදු කලාපයේදී අවස්ථා කීපයකදීම ධීවරයින්ගේ දැල් වලට මිණිමුතු මෝරුන් හසු වී තිබුණි.
මෙම මසුන් මැරීම ධිවර ආඥා පනතට අනුව දැඩි දඩුවම් ලබා දෙන වරදක් නිසා ධීවරයෝ ඔවුන්ගේ දැල් වලට හසුවන මිණිමුතු මෝරුන් යළි මුහුදට නිදහස් කරණු ලබති.








