බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දැන් හොඳටම ඇති… සුළු සේවිකාවකට පහරදීමේ චෝදනා මත බන්ධනාගාරගත කළ ජ්‍යේෂ්ඨ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා සිදුවූ සියල්ල හෙළි කර සේවයෙන් ඉල්ලා අස් වේ…

by editor
ජනවාරි 19, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සුළු සේවිකාවකට පහරදීමේ චෝදනාව හේතුවෙන් දැනට බන්ධනාගාරගතව සිටින  ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම පිළිකා ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයෙක් වූ විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා සේවයෙන් විශ්‍රාම යෑමට තීරණය කර තිබේ.

ඒ සම්බන්ධව ඔහු සිය අත් අකුරින් ලිඛිතව කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත දන්වා ඇති අතර 2024 වර්ෂයේ 06 වැනි මස 20 දා සිට විශ්‍රාම යන බවදන්වා ඇති විශේෂඥ වෛද්‍යවරයා විශ්‍රාම පූර්ව 18 දා සිට විශ්‍රාම පූර්ව නිවාඩු අනුමත කර දෙන මෙන් ද ඉල්ලා ඇත.

ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන් දැඩි හිඟයක් පවතින අවස්ථාවක 61 වැනි විය සපුරා තිබියදීත් අඛණ්ඩ සේවයක් රටට බලා දුන් මෙම විශිෂ්ට වෛද්‍යවරයා 17 වැනිදා නිර්මාණය වූ තත්ත්වය සම්බන්ධව දැඩි කළකිරීමකින් යුතුව ලියා දන්වා තිබෙන්නේ මෙම ගැටලුවට මූලික වූයේ පිළික‍ා වාට්ටුවේ සේවකයින් වර්ජනයෙන් මුදවා තිබිය දි එම සුළු සේවකයින්  වර්ජනයට එක්වීම නිසා ඇති වූ තත්ත්වය බවය.

අනතුරුව සුළු සේවකයින් 300ක් පමණ එක්ව ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරයෙක් වූ ඔහුට සිදුකළ නින්දා පරිභව, සහ මරණ තර්ජන සම්බන්ධව ද රෝහල් පරිපාලනය හැසිරුණු නිද්‍රාශීලී ස්වරූපය ද සම්බන්ධව ඔහු එම ලිපියේ දිර්ඝ විස්තරයක් කර ඇත.

එම ලිපිය පහත දැක්වේ.  

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

අධ්‍යක්ෂක
ශික්ෂණ රෝහල
කරාපිටිය ගාල්ල

ගරු අධ්‍යක්ෂකතුමනි,

විශ්‍රාම වයස පසුකර සේවයෙන් විශ්‍රාම යාමට කරනු ලැබූ ඉල්ලීම…

ජ්‍යෙෂ්ඨ පිළිකා ශල්‍ය වෛද්‍ය එස්.සී.ආර් පෙරේරාවන මම 20/06/ 2024 දින සිට විශ්‍රාම යාමට අදහස් කර සිටිමි..

මේ කරුණ පිළිබඳව 02/01/ 2024 දිනැති මගේ ලිපිය ඔබගේ කාරුණික අවධානය යොමු කරමි.

18/09/ 1985 දින සිට නොකඩවා නොකිලිටි සේවයක් ඔබ අමාත්‍යංශයට ලබාදුනිමි.

නමුත් පසුගිය දින සිදු වූ ඉතා අවාසනාවන්ත සහ සංවිධානාත්මක ක්‍රියා නිසා මෙම තීරණය ගත් බව කණගාටුවෙන් වුවත් මෙසේ ලියා තබමි..

  1. කරාපිටිය රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ ඉතා පහත් නොපනත් ක්‍රියා 16/01/2024 දින සේවයේ වර්ජනයක් තිබියදී , පිළිකා රෝහල එම වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් ඉවත්කර තිබියදී ම සේවයට වාර්තා නොකිරීම.
  2. 17/01/2024 රෝහල් අධ්‍යක්ෂකගේ කැඳවීමට ඔහුගේ කාර්යාලයට උදේ 8.30ට පමණ ගොස් පැමිණීමේදී ගේ අපහාස මධ්‍යයේ බැණ වැදීම් පහර කෑමේ සහ මරණ තර්ජනයට තුන්සියයක පමණ පිරිසකගෙන් සිදුවීම.
  3. මෙම සිද්ධිය පිළිබඳව අධ්‍යක්ෂක සහ රෝහල් පරිපාලනය දක්වන ලද අකාර්යක්ෂම සහ පිළිකුල් සහගත ක්‍රියාවන්
  4. ගාල්ල මූලස්ථාන පොලිසියේ සමහර නිලධාරීන්ගේ නීති විරෝධී ක්‍රියාවන් හේතු වූ බව කියමි.

ගරු අධ්‍යක්ෂකතුමනි,

පුරා වසර තිස් හතරක් නොකඩවා නොකිලිටි සේවයක් ශ්‍රී ලාංකික ජනතාව වෙත උපරිම උත්සාහයක් දරා ලබා දුන් මා වැනි ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරයෙකුට කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ඔබතුමා ඇතුළු පරිපාලනය සහ ගාල්ල පොලිසියෙන් 17/01/2024  රාත්‍රියේ පැමිණි සහ ඉන් පසු ඔවුන්ගේ උන හිරිහැර ඉතාමත් කණගාටුදායකය..

එබැවින් විශ්‍රාම වයස සපුරා සිටින වෛද්‍ය එස්.සී.ආර්. පෙරේරා වන මා හට 20/06/ 2024 දින සිට සේවයෙන් විශ්‍රාම යාමට සඳහා පරිපාලන කටයුතු ආරම්භ කරන ලෙස ඉල්ලා සිටිමි.

මෙම තීරණය ඉතා ගැඹුරින් සිතා බලා ගන්නා ලද තීරණයක් බව ද සඳහන් කරනු කැමැත්තෙමි.

ඔබට සහ සියලු රෝහල් කාර්ය මණ්ඩලය ලබා දුන් හායට ස්තුතිය පුද කරන ලද අතර ඔබ සැමට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරමි..

මෙයට විශ්වාසී
එස්.සී.ආර්. පෙරේරා.

මේ එම ලිපිය ය.

විශ්‍රාම පූර්ව නිවාඩු ඉල්ලූ ලිපිය

අධ්‍යක්ෂකතුමා
ශික්ෂණ රෝහල
කරාපිටිය.

18/01/2024

විශ්‍රාම යාමට පෙර ලැබෙන නිවාඩු ඉල්ලා සිටීම..

20.06 2024 දින සිට විශ්‍රාම යාමට ඉල්ලීම ඔබට ලබා දී ඇති අතර  අද දින සිට විශ්‍රාම යාමට පෙර ලබාදෙන ලැබෙන නිවාඩු මාහට අනුමත කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

ස්තුතියි.
එස්.සී.ආර් පෙරේරා.
විශේෂඥ ශල්‍ය වෛද්‍ය..

මේ එම ලිපිය ය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඇමති නියමන්ට අනුව ලංවිම ප්‍රතිව්‍යුගතකරණයට එරෙහිව උද්ඝෝෂණය කළ 15ක ගේ වැඩ තහනම්…

Next Post

විශේෂඥ ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරාට පහරදීමට පැමිණි සුළු සේවකයින් ද අත් අඩංගුවට ගන්න… කරාපිටිය  වෛද්‍යවරු හෙද හෙදියන් විරෝධතාවයක…

Related Posts

charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.