තමන්ව ආරක්ෂිතව බටහිර රටකට යැවීමෙන් සිදුවන්නේ මේ සමස්ථ දූෂිත ක්‍රමයට එරෙහිව සිය ජීවිතයම මෙහෙයුමක් බවට පත්කර තැබීම බව ගෝඨාගෝගම අරගලයට සහයෝගය දැක්වීමේ චෝදනාව මත විසා අවලංගු කර රටින් පිටුවහල් කරන ස්කොට්ජාතික තරුණිය වූ කිලී ෆීසර් පවසයි..
ඇය තම ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ සටහනක් උපටා දක්වනක බීබීසිය එය පල කර ඇත්තේ මෙසේය.
“මගේ ආරක්ෂාව ගැන ඇති බිය නිසා මම මෙහි තත්ත්වය ගැන බොහෝ දේ වාර්තා කිරීම පසුබට වූ බව ඔවුන්ට අවබෝධවී ඇතැයි විශ්වාස නැත. මාව නැවත ආරක්ෂිත බටහිර රටකට යැවීමෙන් සිදු වන්නේ මේ සමස්ත දූෂිත ක්‍රමය තුරන් කිරීම මගේ ජීවිත මෙහෙයුම බවට පත් කර ගැනීම පමණයි.”

අරගලයට සහය පළකරමින් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කළ නේවාසික වීසා සහිතව වෛද්‍ය හේතුන් මත මෙරට රැඳී සිටින බ්‍රිතාන්‍ය තරුණියක වන කිලී ෆීසර්ගේ වීසා අවලංගු කළ බව ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව ඊයේ සඳහන් කළේය.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකාවක වන පියුමි බණ්ඩාර බීබීසිය වෙත පැවසුවේ අගෝස්තු 15 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදී ඇයගේ වීසා අවලංගු කොට ඇති බවය. වීසා ලබා දෙන්නේ කොන්දේසිවලට යටත්ව බවය.

වත්මන් ජනාධිපතිවරයා යටතේ ඇය මෙසේ පිටුවහල් වන්නේ ඔහුම අගමැතිවරයා ලෙස බ්‍රිතන්‍යයේ ස්කයි ටී.වී වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ලංකාවේ සංචාරය කරන්නේ නම් ජනාධිපතිවරයාට හෝ අගමැතිවූ තමාට එරෙහිව උද්ඝෝෂණවලට සහභාගීවීමේ අත්දැකීමට සහභාගී විය හැකි බවය.
මේ ප්‍රකාශය නිසාම කිලී ෆීසර්ගේ වීසා අවලංගු කිරීම අන්තර්ජාතික මධ්‍යවල දැඩිව කතා බහට ලක් විය.
https://twitter.com/RubenThurairaj/status/1554464702087979016?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1554464702087979016%7Ctwgr%5E91ed4cfbebb24883bc211ededd37f4cf3a1e3570%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Fwww.bbc.com%2Fsinhala%2Fworld-62406564
එමෙන්ම මේ වනවිට කිලී කිලී ෆීසර්ට එරෙහිව සමාජ මාධ්‍ය ජාලාවල මඩ මෙහෙයුමක් ආරම්භ වී ඇති ආකාරය නිරීක්ෂණය වී තිබේ. අරගලයට එරෙහිව සංවිධානාත්මකව සමාජය තුළ පිළිකුලක් දැනවීම සඳහා ව්‍යාපෘතියක් ආරම්භ වී ඇති බව සමාජ මාධ්‍ය විශ්ලේෂකයෝ පවසති.








