-
කෘෂි රැකියා සදහා බදවා ගැනීම් යළි ඇරඹේ – දැනටමත් දෙදහසකට වඩා වැඩි පිරිසක් යවලා…
-
කර්මාන්ත අංශයේ රැකියා සදහා ඉදිරියේදී ගිවිසුමක්…. මේ නව රැකියා ලැබෙන්නේ රනිල්ගේ ආණ්ඩුවක් යටතේ විතරයිලු….
ඊශ්‍රායලයේ හෝටල් ක්ෂේත්‍රයේ රැකියා සදහා ශ්‍රමිකයින් බදවා ගැනීම සඳහා වන ගිවිසුම් අත්සන් කර ඇති බවත්, ඒ අනුව හෝටල් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථාවන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට සවිවෘත කිරීමට හැකියාව ලැබුණ බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පැවසීය.
ඒ අනුව කාන්තා හා පිරිමි දෙපාර්ශවයටම ඊශ්‍රායලයේ හෝටල් ක්ෂේත්‍රයේ රැකියා විවෘත වන බවත්, ඒ සදහා NVQ 3 මට්ටමේ සහතිකයක් අවශ්‍ය බවත් ඔහු සඳහන් කළේය.
මෙම රැකියා සඳහා බඳවා ගැනීම් පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කරන බවද ඔහු කීවේය.
මේ අතර ඊශ්‍රායලයේ කර්මාන්ත අංශයේ රැකියා සඳහා ශ්‍රමිකයින් බදවා ගැනීමට අදාල ගිවිසුම් අත්සන් කිරීමට අවශ්‍ය මූලික පියවර ගෙන ඇති බවත්, ඒ අනුව ඉදිරියේදී කර්මාන්ත අංශයේ රැකියා සදහා ශ්‍රමිකයින් බදවා ගැනීම සදහා වන ගිවිසුම් අත්සන් කිරීමට නියමිත බවත් ඔහු සදහන් කළේය.
ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සදහා ශ්‍රමිකයින් බඳවා ගැනීම යළි ආරම්භවී ඇති බවත් පසුගිය සතියේදී කණ්ඩායම් දෙකක් ඊශ්‍රායලය බලා පිටත් කර යැවූ බවත් ඔහු කීවේය.
මේ වන විට කෘෂි අංශයේ රැකියා සඳහා ශ්‍රමිකයින් දෙදහසක් පිටත් කර යැවීමට කටයතු කර ඇති බවත් ඔහු පැවසුවේය.
මෙම රැකියා අවස්ථා හිමිවන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ රජයක් යටතේ පමණක් බවද ඔහු කීය.
ඊශ්‍රායලයේ රැකියා අවස්ථා ලබාගැනීම සදහා කිසිදු අතරමැදියෙක්ට මුදල් ගෙවීමට අවශ්‍ය නැති බවත්, එසේ මුදල් එක්රැස් කරන ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවත් මනුෂ නානායක්කාර වැඩිදුරටත් සඳහන් කළේය.







