බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“දැඩි අවදානම් දෙවන රැල්ල ආවොත් වගකීම දේශපාලන නායකයන් සහ ජනතාව අතේ”

කොරෝනා ප්‍රතිකාර පෙරමුණේම සිටින විශේෂඥ වෛද්‍යවරයෙක් අනතුරු අඟවයි

by Lanka Sara Editor
ජූලි 12, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

කන්දකාඩුවෙන් මතු වූ නව කොරෝනා පොකුර සමඟ රටේ දෙවන රැල්ලක් පිළිබඳ අවදානමක් පවතින බවත් රට යළිත් ලොක් ඩවුන් තත්ත්වයකට යනවාද නැද්ද යන්න පිළිබඳව වගකීම ජනතාවට සහ දේශපාලන නායකයන් අත මුළුමනින්ම පවතින බවත් කොවිඩ් 19 මර්දන ප්‍රතිකාර ලබා දෙන වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානියකු ලෙස කටයුතු කරන අංගොඩ බෝවන රෝග පිළිබඳ ජාතික ආයතනයේ ප්‍රධාන කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ ප්‍රවීන රූපවාහිනි මාධ්‍යෙව්දී චමුදිත සමරවික්‍රම සමඟ Truth with Chamuditha යූ ටියුබ් නාලිකාවට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමිනි.

එහිදී අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කළේ දෙවන රැල්ලක් ආරම්භ වුවහොත් එය අපේ රටේ සෞඛ්‍ය දේහයට දරාගත නොහැකි ආකාරයේ එකක් වනු ඇති බවයි. එබැවින් ජනතාව සෞඛ්‍ය අංශ මගින් ලබා දී ඇති මඟ පෙන්වීම් ඒ අයුරින් ම ආරක්ෂා කළ යුතු බව දැඩි සේ අවධාරණය කළේය.

අපේ රටේ කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් හොඳ පාලනයක් තිබුණා. රජය යුධ හමුදාව සහ සෞඛ්‍ය අංශ ඉතා ක්‍රියාශිලිව නිවැරදිව වැඩ කළා. හොදින් පාලනය කළා. නමුත් හැම අංශයක්ම මුලින් තිබුණු අවධානය අඩු කළා. හැම දෙනාම ආරක්ෂාව ගැන සැලකිල්ලක් දැක්වූයේ නැහැ. ජනතාවත් බලධාරීනුත් එය සැහැල්ලුවට ගත්තා. දේශපාලන රැස්වීම් මේ දවස්වල පැවැත්වෙනවා. ඒවායේ කිසිදු ආරක්ෂාවක් නැහැ. රජය වගේම විපක්ෂ දේශපාලකයොත් මෙය සැහැල්ලුවට ගත්තා. මාධ්‍යයත් සැහැල්ලුවට ගත්තා. මෙම අනාරක්ෂිත දේශපාලන රැස්වීම් මාධ්‍යවල වාර්තා කරනකොට ජනතාවත් හිතනවා දැන් වසංගතයක් නැහැ අවදානමක් නැහැ යයි ද ඔහු චමුදිත නගන ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේය.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

යළි කන්දකාඩුවෙන් රෝගීන් මතුවීම . රජයේ හෝ ආරක්ෂක අංශවල හෝ සෞඛ්‍ය අංශවල වරදක් නොවන බවත් එය මෙම රෝගයේ ස්වාභාවික ආකාරයක් බවත් පෙන්වා දුන් වෛද්‍ය විජේවික්‍රම පවසන්නේ වඩාත් වැදගත් වන්නේ මෙම ස්වාභාවික තත්ත්වය මෙල්ල කිරීමට නම් අනිවාර්යයෙන්ම ජනතාවත් බලධාරීනුත් පිළිගත් සෞඛ්‍ය මඟ පෙන්වීම් තවදුරටත් අනුගමනය කළ යුතු බවයි.

“රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන් සැලකිය යුතු පිරිසක් සමාජයේ සිටිය හැකියි කියන මතය මම පෞද්ගලිකව විශ්වාස කරන්නේ නැහැ. ඊට හේතුව මෙහෙම පිරිසක් ඉන්නවා නම් ඔවුන්ගෙන් කිහිප දෙනකුට හෝ රෝග ලක්ෂණ මතුවෙන්න ඕන. නමුත් එහෙම තත්ත්වයක් දැනට නෑ.

දැනට එහෙම රෝහල්වලට එන්නේ නෑ ලක්ෂණ සමඟ.
එහෙත් එයින් අදහස් වෙන්නේ නෑ අපට කිසිම අවදානමක් නෑ කියල. යම් හෙයකින් හෝ රෝග ආසාදිතයින් එකකු හෝ දෙදෙනකු හෝ සිටියේ නම් ඔවුන්ගෙන් පැතිරීමේ අවදානමක් තිබෙනවා. ඒ නිසා තමයි කියන්නේ දිගින් දිගටම ආරක්ෂිත ක්‍රියාමාර්ග දිගටම අනුගමනය කරන්න. සමාජ දුරස්ථභාවය, දෑත් පිරිසිදුව තබා ගැනීම සහ මුව ආවරණ නිසි ලෙස පැලඳීම හරහා මෙය බොහෝ දුරට මේ දැඩි අවදානම පහසුවෙන් පාලනය කරන්න පුළුවන්. නමුත් අද ඒ මූලික දේවල්වත් සිදුවන්නේ නෑ.

කන්දකාඩු සිදුවීම

කන්දකාඩු සිදුවීම පැහැදිලිවම අවදානමක්. රජය සහ යුධ හමුදාව මෙම ආසාදිතයන් සහ ඔවුන් සමඟ ගැටුණු අය හඳුනාගෙන මේ වනවිට නිරෝධායනය කරනවා.
කොහොම වුණත් මෙය ලොකු ප්‍රශ්නයක් වීම දක්වා වගකීම තිබෙන්නේ සමාජය අතේ. දැනට නම් ජනතාවගේ හැසිරීම බොහොම අනාරක්ෂිතයි. මේ අනාරක්ෂිත බව සමඟ ලොකු අවදානමක් තිබෙනවා.

කොවිඩ් සම්බන්ධයෙන් වූ කාර්ය සාධක බලකාය පසුගිය මාසයක පමණ කාලයක් තුළ රැස්වී නොමැති වුවද වසංගතය සම්බන්ධයෙන් වූ තාක්ෂණික කමිටු සෞඛ්‍ය අද්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ බවත් කන්දකාඩු පළමු රෝගියා හමුවන්නට දින දෙකකට පමණ පෙර පවා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා දිනකට සිදු කරන පරීක්ෂණ ප්‍රමාණය වැඩි කරන්නැයි උපදෙස් දුන් බවද වෛද්‍ය විජේවික්‍රම මෙහිදී සඳහන් කළේය.

Tags: නවතම
Share190Tweet43
Previous Post

ටී.එන්.ඒ. ජාතික ලයිස්තු මන්ත්‍රීකම් ගැන මාවෙයි සේනාධිරාජා පවසයි…

Next Post

ඡන්ද වැඩ කරන්න නම් මැ.කෝ ඇල්කොහොල් ලීටර් ලක්ෂ දෙකක් ඉල්ලන්නේ ඇයි ?

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.