ඉන්දිරාජා මංගල ඇතාගෙන් පුද්ගලයෙකුට මාරක ප්‍රහාරයක්… පහර කෑ තැනැත්තා රෝහලේ….

මහනුවර විෂ්ණු දේවාලය අසල බැද සිටි ඉන්දිරාජා හස්තිරාජයා ගේ පහර කෑමකට ලක් වූ  එම ස්ථානයේ මල්කඩයක සේවය කරන තරුණයෙක්  මහනුවර  රෝහලට ඇතුළත් කර තිබේ.

අද (12)  උදෑසන 10ට පමණ ඉන්දිරාජා හස්තියාගේ  ප්‍රහාරයට ලක් වී ඇත්තේ මාරස්සන පදංචි ජී.ටී.කපිල බණ්ඩාර නැමැති 30 හැවිරිදි අයෙකි. ඔහු  ඇත්ගොව්වා නැති අවස්තාවක ඇතාට අඹ ගෙඩියක් දෙන්නට යෑමේ දී මෙම ප්‍රහාරයට ලක් වී ඇත.

මෙම පුද්ගලයාට හස්තියා හොඬෙන් පහර දී පා පහරක් ද දි ඇති බව  දුටුවෝ කියති.  රෝහල් ආරංචි මාර්ග කියන්නේ  පහර කෑ පුද්ගලයාගේ ඉළ ඇටයක් බිඳී ගොස් ඇති බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහනුවර ‍ඓතිහාසික   ඇසළ පෙරහරේ සධාතුක කරඬුව වැඩිම වාර සංඛ්‍යාවක් වඩමවා ඇති  හස්ථියා ඉන්දිරාජ ය. පුරා වසර විස්සකට වැඩි කාලයක් ඔහු දළදා කරඬුව වඩමවන්නේය. ඉන්දිරාජා ඉතා සන්සුන් පැවැත්මක් සහිත සත්ත්වයෙක් බවත් ඔහු මේ ප්‍රහාරය එල්ල කරන විට අධික ලෙස නොසන්සුන් වී සිටි බවත් වාර්තා වේ.


Exit mobile version