බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දළදා මාලිගාව ව්‍යාපාරික ස්ථානයක් නෙමෙයි… දියවඩන නිලමේගේ වංචා හෙළිකරන්නෙ පාරට බැහැලා…

රාවණා ලංකා ජාතික සංවිධානයේ සභාපති ශ්‍රී නිශ්ශංක පෙරේරා...

by editor
ඔක්තෝබර් 14, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මහනුවර ශ්‍රී දළදා මාලිගාව  ව්‍යාපාරික ස්ථානයක් කරගෙන ශ්‍රී දන්ත ධාතූන්වහන්සේත්  අලෙවි කිරීමට හැකි ආකාරයේ වංචනික පුද්ගලයෙක් වූ දළදා වහන්සේගේ ගිහි භාරකාරත්වය දරන ප්‍රදීප් නිලංග දෑලට සහ ඔහු වටා සිටින උදවියගේ සියලු වංචනික ක්‍රියාවලට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක් ඉදිරියේ දී සූදානම් කර ඇති බව රාවණා ලංකා ජාතික සංවිධානයේ සභාපති ශ්‍රී නිශ්ශංක පෙරේරා පවසයි.

මෙම වංචා හා දූෂණ සම්බන්ධව  ලබන සතියේ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සියලු අපරාධ හෙළි කිරීමට කටයුතු කරන බවත් ඔහු කියයි.

ශ්‍රී නිශ්ශංක පෙරේරා  මේ බව පැවසුවේ “ටෘත් විත් චමුදිත“ අන්තර්ජාල නාලිකාව සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමිනි.

තමන් තනි පුද්ගලයෙක් ලෙස මෙම වංචාවන්ට   එරෙහිව නැගී සිටිය නමුත් මේ වනවිට තමන් වටා විශාල පිරිසක් එක් වී ඇති බව ඔහු කීවේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මීට සතියකට පෙර දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලට එරෙහිව මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යලයේ  චෝදනා 43ක්  සමග පැමිණිල්ලක් සටහන් කළ බව කී ශ්‍රී නිශ්ශංක මායාදුන්නේ එම පැමිණිල්ලේ  පිටපත් මහානායක හිමිවරුන්ට, ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, කතා නායක වරයාට ඇතුළු සියලුම වගකිවයුතු අංශ වෙත යොමු කළ බව කීවේය.

“ දළදා වහන්සේට පූජා කළ විහාර දේවලගම් පනත යටතේ පාලනයවන ඉඩම් විශාල ප්‍රමාණයක් හොර ඔප්පු හදලා විකුණලා තියනවා. සියලු සාක්ෂි මා ලඟ තියනවා. උදාහරණයක් කියන්නම් … මහනුවර පහළ කෝරලයේ උඩ පලාත මෙගොඩ කලුගමුවේ ශ්‍රී දළදා මාලිගාවට අයත් මල්නයිදදෙණියහේන නැමති කළුගමුව විදානගේ යටතේ පාලනය වන අක්කර තුනයි පර්චස් 27. 53ක් කොළඹ 07 ධර්මපාල මාවත අංක 107 ස්ථානයේ පිහිටි සීමාසහිත සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම වෙත රුපියල් ලක්ෂ 4කට විකිණීම සහ එම සමාගම විසින් පර්චස් 10 කොටසක් ලක්ෂ 10කටත් වඩා වැඩි මුදලකට විකිණීම. මාලිගාවට ලැබිලා තියෙන්නෙ ලක්ෂ 04යි.“

“මේ වංචාව කළේ විහාර දේවාලගම් පනත යටතේ තියන ඉඩම්වල ඔප්පු  වෙනස් කරලා හොර ඔප්පු හදලා. මේ වංචාව සම්බන්ධයෙන්     ප්‍රදීප් නිලංග දෑලට  එරෙහිව අධිකරණයේ නඩුවක් තියනවා.“

“තව එකක් තමයි  මහනුවර වී අටුව කියලා කියන ස්ථානය.    මාලිගාවට අයිති අක්කර 7.5ක් එතන තියනවා.  එම  ස්ථානයේ  ශ්‍රී ලංකා ඉන්ටර් නැෂනල් බුඩිස්ට් ඇකඩමි නමින් ව්‍යාපාරයක්  ලියාපදිංචි කරලා.  ඒ  ලියාපදිංචි කරලා තියෙන්නෙ  2009.02.16. මේ ඉඩම්වල එහෙම ව්‍යාපාර ලියාපදිංචි කරන්න බෑ. එමෙන්ම මේ ව්‍යාපාර ගැන එෆ්.සී.අයි.ඩී. එකේ පැමිණිලි තියනවා.  මේ  වංචා දූෂණ හෙළි දරවු කළ පුද්ගලයින්ට වෙඩි තියලා තියනවා. මේ අස්සෙ මිනී මැරුම් තියනවා. බෞද්ධයන් විදිහට අපි විරුද්ධ වෙන්නෙ මේ මාෆියාවට.“

“ඔබ දන්නවා ජපානයට ලංකාවෙන් දන්ත ධාතූන්වහන්සේ නමක් විකිණුවා. අපි දන්නවා අපට ඉන්නේ එක දන්ත ධාතූන්වහන්සේ නමයි. එහෙමනම් මේ අය ජපානෙට බොරුවක් කරන්න ඕන. එහෙම නැතිනම් අපේ දන්ත ධාතූන්වහන්සෙ විකුණන්න ඕන. අපි ඉදිරියෙදි විශාල උද්ඝෝෂණයක් එක්ක ජනතාව දැනුම්වත් කිරීම් සමග ප්‍රශ්න කරන්නෙ මේ තත්වය. “

“ එහෙම කරන්නෙ මින් පස්සෙ එන දියවඩන නිලමේ වරයෙක්වත්  මෙතන කරන්න නියමිත වංචා දූෂණ නවත්වන්න…“

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගම්පහ සෞඛ්‍ය ලොක්කා හෝටලයක කොවිඩ් මර්දනය කරන හැටි

Next Post

ශුද්ධ විදේශ සංචිත පහළ යාමේ බිය මහ බැංකු අධිපති තුනී කරයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.