අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දළදා පෙරහැරේ අලි කුලප්පු ඉතිහාසය…

by editor
අගෝස්තු 25, 2021
in පුවත්
අලි කුලප්පුව

අලි කුලප්පුව

Share on FacebookShare on Twitter

රජිත් කීර්ති තෙන්නකෝන් –

දළදා පෙරහැර හා ලංකා දේශපාලන අතර දැවැන්ත සම්බන්ධයක් තිබේ. කාලයකට පෙර ‘පූජනීය දළදා සංස්කෘතිය‘ දාහතරවන කලාපයට පෙරවදනක් ලියන්නට මම දළදා සංස්කෘතියේ දේශපාලනය අධ්‍යයනය කළෙමි.

දළදා සංස්කෘතියේ දේශපාලන කතාව කියන්නට දළදා හාමුරුවන්ගෙන් අවසරයි!

ඇත්තු කුලප්පු හා මැතිවරණ

මහනුවර දළදා පෙරහරේ අලි කුලප්පුවීමකින් 1959 අගෝස්තු 19 දින පුද්ගලයින් 15 ක් මිය ගියේය. පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙඩි තබා ඇතා ඝාතනය කළේය. මේ අලි කුලප්පුව ගැන දීර්ඝ ලිඛිත සාහිත්‍යයක් ‘අලි කොමිසම‘, පාර්ලිමේන්තුව, පත්තර, මහෙස්ත්‍රාත් විභාගය හරහා නිර්මාණය විය.
පසුව එය රාජ්‍ය මන්ත්‍රණ සභාවෙන් එපිට මැතිවරණ වේදිකාවට ද ගියේය.

“දේශපාලන කුලප්පුවලින් අලින් කුලප්පු වෙලා” එදා මුදල් ඇමති ස්ටැන්ලි ද සොයිසා කීවේය. ටී.බී.ඉලංගරත්න ඇමතිගේ මැදිහත්වීමෙන් පරීක්ෂණයක් පටන්ගත්තේය.

එදා පටන් අලි කුලප්පුව දේශපාලනය හා බැඳී ඇත.

1959 සැප්තෑම්බර් 25 බණ්ඩාරනායක ඝාතනය සිදු විය.  ලංකා දේශපාලනය උඩු යටි කුරු කළ 56 විප්ලවයෙන්‘ 1956 අප්‍රේල් බිහි වූ ආණ්ඩුව සිය කාලය සම්පූර්ණ කිරීමටත් පෙර, 1959 දෙසැම්බර් 4 බිඳවැටුණි. 1960 මාර්තු මැතිවරණයෙන් එජාපයේ ඩඩ්ලි සේනානායක ආණ්ඩු පිහිටවූවේය.

Perahara
1959 දළදා පෙරහරේ කුලප්පු වූ ඇතා පොලිස් වෙඩි පහරින් මිය ගොස් සිටි අයුරු…

1976 අගෝස්තු ඇසළ පෙරහැරේ පත්තිනි දේවාල රන්දෝලියේ ඇතා කුලප්පුවිය. පොලිස් වෙඩි පහරින් පත්තිනි දේවාලයේ වතුර මල අසල දි ඇතා මැරී වැටුනේය. 1977 ජූලි 22 එජාපය  5/6 ක බලයක් සහිතව ආණ්ඩු බලය ලබාගත්තේය.

1992 අගෝස්තු නෙරංජන් විජේරත්න දියවඩන නිලමේ සමයේ දී, පෙරහර කරඬුව රැගත් මංගල හස්තිරාජයා කලබලයට පත් වූවේ විදුලි කාන්දුවක් හේතුවෙන් රන්සිවිගේ ගිනිගැනීමෙනි. වර්ෂ 1992 කරඬුුව වඩම්වන්නට  සිටි රත්නපුර සමන් දේවාලයේ ඇතා ඇත් ගොව්වාට පහර දී කලබැගෑනියක් ඇති වූවේ කරඬුව බඳින්නට සුළු වේළාවකට පෙරය.  ඇතා නිර්වින්දනය කළ අතර, පෙරහැර කරඬුව වැඩම කරනු ලැබූවේ ජයරාජා නම් ඇතා පිට ය. 1993 මැයි 1 දින ජනාධිපති ආර්.ප්‍රේමදාස ඝාතනය විය. 1993 මැයි 17 පලාත් සභා ඡන්ද විමසීමේ දී බස්නාහිර, වයඹ සහ දකුණු පළාත් සභා බලය විපක්ෂයට ගියේය.

1993 අගෝස්තු ජනපති ඩී.බී.විජේතුංග සමයේ දෙවැනි කුඹල් පෙරහැරේ දී කරඩුව මඩම්මවන මගුල් ඇතු කුලප්පුවූවා පමණක් නොව ඇඳ වැටුණි. 1994 අගෝස්තු 16 දින එජාපයේ 17 වසරක පාලනය අවසන් වී චන්ද්‍රිකා බණ්ඩාරනායක අගමැතිවරයා ලෙස පත් විය.

2012 හෝ 2013 පළමු කුඹල් පෙරහැර අතර, මහ වැසි වැටී මහමළුවේ තිබූ දැවැන්ත අට්ටාලයක් කඩා වැටුණි. එහි ශබ්දයට අලි කලබල වූ අතර, අලි රංචුවට බිය වී වැටී එක් (ගැබිණි කාන්තාවක්) මියගියේය. මහ වැස්ස නිසා එදා පෙරහැරේ බෙර වාදනය කළේ සුදු ඉටිරෙදිවලින් වසා (මළ ගෙදරක) වාගේ ය.

2014 මහ පෙරහැරේ දී කරඬුව මඩම්මවමින් සිටි ඉන්දි රාජා ට කොටුගොඩැල්ල වීදියේ දී දෑලේ සිටි බූරුම රාජා දළ පහරක් එල්ල කළේය. එදා පෙරහැර ගෙවැදුනේ දෑලේ ඇතුන් රහිතව ය.

2014 පෙරහැර අවසන් වී දින කිහිපයකින් ලංකාවේ දේශපාලනය වෙනස් වන්නට පටන් ගෙන, 2015 ජනවාරි 8 යහපාලන ආණ්ඩුව බිහිවිය.

2019 අගොස්තු මාලිගාවේ ඇතෙකුට පහරදීමට නාථ දේවාලයේ පෙරහැරට ගෙන ආ අලියෙක් උත්සහ කළේය. 2019 නොවැම්බර් මැතිවරණයෙන් යහපාලන ආණ්ඩුව බිඳවැටුණේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අටුවා කථාව 

දළදා සංස්කෘතියේ අලි ඇත්තු කලබලවීම ගැන 1959 කතාවේ දී නුගවෙල නිළමේ කරඬුව වැඩම කළ ඇතා ගේ දළයෙන් අල්ලා ගෙන කලබලය සමනය කර ගත් අයුරු ගැන දීර්ඝ ලිඛිත සාක්ෂි ඇත.

1976 පත්තිනි දේවාලයේ ඇතා නවරත්න නිළමේ (අමාත්‍යවරයෙකි) ඉදිරිපිට වෙඩි වැදී මියයාම ගැන පොලිස් වාර්තා පවසන්නේ ‘අත්වැරැද්දකින් වෙඩි වැදීමක්‘ ලෙස ය.

1992 සිද්ධිය ජනමාධ්‍ය එදා වාර්තා කළේ නැත. සිද්ධිය ඇසින් දුටුවන්, අවසන් මොහොතේ පෙරහැර කරඬුව බැදීමේ කාර්යය ඉටු කළ ජයතිස්ස බණ්ඩාර ඇහැලමල්පේ ඇතුළු කිහිප දෙනෙකු හැර සිද්ධියට ලිඛිත සාක්ෂි නැති තරම් ය.

1993 අවසනාවන්ත සිදුවීමට මුහුණ දුන්නේ කරඬුව වඩම්මවමින් සිටි ඇතා ය. කරඬුවට හානියක් නොවු නමුත් ඇතා ඇඳ වැටුණු බව ඇසින් දුටුවන්ගෙන් මම අසා ඇත්තෙමි.

විග්නේෂ්වරන් මහ ඇමති ධූරයට පත් වූ උතුරු පලාත් සභා ඡන්දය තිබුණේ 2013 සැප්තෑම්බර් 21 දින යි. මහ මළුවේ පීඨිකාව කඩා වැටීමෙන් පසුව අලි කුලප්පු වූයේ 2012 ද නැතිනම් 2013 වසරේ දැයි මට නිශ්චිත නැත.

2019 අගොස්තු මාසයේ නාථ දේවාලය අසල බැඳ සිටි (පෙරහැරේ නොගිය) සතෙකු මාලිගාවේ පෙරහැරේ ගිය සතෙකුට පහරදීම/පහරදීමට උත්සහ දැරීම නිසා පෙරහැර ගෙවදීමට ආසන්නයේ කලබලය සිදුවිය. ‍එවකට මම මධ්‍යම පළාතේ ආණ්ඩුකායා වූ බැවින් සිද්ධිය මා දැනගත් නමුත්, ඉතිහාසය පුරාම සිදුවී ඇති අයුරින්ම එය සිරස්තලයක් වූවේ නැත.

2021 අගෝස්තු 22 අවසන් රන්දෝළි පෙරහැරේ දී කතරගම දේවාලයේ අලි තිදෙනෙකු හෝ සිව් දෙනෙකු කුලප්පු විය. කුලප්පු වූ එක් සතෙකු දළදා කරඬුව වැඩමවූ අලි පන්තිය අසලට පැමිණි නමුත්, නැදුන්ගමුවේ ඇතා ද, දෑලේ ඇත්තු ද නොසෙල්වී කිසිදු කලබලයකින් තොරව සිටියේය.

රූපවාහිනියෙන් ද, අන්තර් ජාලයෙන් ද සජීවී යැයි කියා පෙර දින පෙරහැර පෙන්වනු ලැබීය.

ටීකා ව

පෙරහැර සංස්කෘතියකි! දේශපාලනය ද සංස්කෘතියකි!!
පසු සටහන – මෑත කාලයේ රටේම අලි ඇතුන් පෙරහැරට එක් කර ගන්නට දරණ උත්සාහය නිසා පෙරහැර දිගු වී ඇත. අලි කුලප්පුවීම් වැඩිවීමට එය ප්‍රධාන හේතුවකි.


Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

එන්නත් දෙකම ගත්තු අයට ඩිජිටල් කාර්ඩ් එකක් ලෑස්තියි… කෙහෙළිය කියයි…

Next Post

ප්‍රායෝගික හෙද පුහුණුව  අවසන් නොකළ හෙද හෙදියන්  2600ක් කොවිඩ් සත්කාර සේවයට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.