අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දහස් ගණක රෝගී ජීවිත අනතුරේ.. ජාතික රෝහල තුළ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පිහිටුවයි…

by editor
මැයි 3, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය පිහිටුවන්නේ  විවිධ රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන සිවු මහල් ගොඩනැගිල්ලක ප්‍රතිකාර ගනිමින් සිටි රෝගීන් ඉවත් කර හිස් කරගත් මහල් දෙකක් තුළ
  • කොවිඩ් පැතිරීම වැඩි වුනොත් මහල් හතරම කොවිඩ් සඳහා ගන්න සූදානමක්…
  • විවිධ රෝගී තත්වයන්ට ප්‍රතිකාර ගන්නා අසාධ්‍ය රෝගීන් සහිත රටේ ප්‍රධානම රෝහල කොවිඩ් අනතුරකැයි සෞඛ්‍ය අංශවලම විරෝධය…

කොළඹ අවට කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයන් කොවිඩ් රෝගීන්ගෙන් පිරීම යාම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පිහිටුවීමට සෞඛ්‍ය අමාත්‍යංශය පසුගියදා තීරණය කර ඇත. 

මෙම තීරණයත් සමග කොළඹ ජාතික රෝහලේ  විවිධ රෝග සදහා   ප්‍රතිකාර ලබන රෝගීන් දහස් ගණනකගේ ජීවිත දැඩි අනතුරකට  පත්වන බවට ඇතැම් කණ්ඩායම් සිය විරෝදය පළ කිරීමට පටන් ගෙන ඇතැයිද වාර්තාවේ.

කොළඹ ජාතික රෝහල තුළ විවිධ රෝගයන් සදහා ප්‍රතිකාර ලබන රෝගීන් සිටින මහල් හතරකින් සමන්විත ගොනැගිල්ලක් කොවිඩ් මධ්‍යස්ථානය සදහා යොදා ගැනීම ඉදිරියේදී සිදුවනු ඇති බව රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මෙම සිව්මහල් ගොඩනැගිල්ලේ එක් මහලක සිටි රෝගීන් වෙනත් වාට්ටුවෙත මාරුකර එම මහල කොවිඩ් රෝගීන් සදහා වෙන්කර ඇත. මේ අනුව රෝගීන් 40 දෙනෙකු පමණ රදවා ප්‍රතිකාර කල හැකි වාට්ටුවක් තිබියදී කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වීමත් සමග එම මහලේ තවත් වාට්ටුවක් වෙන් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර  ගෙන ඇතැයි එම ප්‍රකාශකයා පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ අනුව සිව්මහල් ගොඩනැගිල්ල තුල මහල් දෙකක කොවිඩ් රෝගීන් 100 දෙනෙකුට පමණ ප්‍රතිකාර ලබා ගත හැකි වාට්ටු දෙකක් සකස් කර ඇති අතර එහි දැඩිසත්කාර ඒකක ඇදන් 15ක් පමණ ස්ථාපිත කර ඇතැයිද ඔහු සදහන් කළේය.

කොවිඩ් වසංගතය ඉදිරි දිනවලදී වඩාත් දරුණු අතට හැරෙන්නේ නම් ඉතිරි මහල් දෙකක කොවිඩ් රෝගීන් සදහා වෙන්කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගන්නා බවට මේ වන විටත් තීරණය කර ඇතැයිද සඳහන්වේ.

කොවිඩ් රෝගියෙකු බව නොදැන කිසියම් රෝගයකට ප්‍රතිකාර ගැනීම සඳහා රෝහල වෙත පැමිණෙන රෝගියෙකු කොවිඩ් ආසාදිතයෙකු බවට හැගී ගියහොත් ඔහුව හෝ ඇයව කොවිඩ්  ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යැවිමට කටයුතු කරන නමුත් එම මධ්‍යස්ථාන රෝගීන්ගෙන් පිරී යාම හේතුවෙන් කිසිදු රෝගියෙකු බාර ගැනීමට නොහැකි බව සඳහන් කරයි. මෙවන් අවස්ථාවකදී කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබා දීම සහ අපහසුතාවන්ට ලක්වන රෝගීන් හැකි ඉක්මනින් දැඩි සත්කාරයන් වෙත යොමු කිරිමේ අරමුණින් මෙම සිව්මහල් ගොඩනැගිල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස වෙන්කළ බව අප කළ විමසුමකට පිලිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

කොවිඩ් රෝගය හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත්වෙන රෝගීන්ව බාර ගැනීමට කොවිඩ් ප්‍රතිකාර රෝහල් ප්‍රතික්ෂේප කරනුයේ අධික තදබදය හේතුවෙන් බැවින් මෙසේ ජාතික රෝහල වෙත පැමිණෙන කොවිඩ් රෝගීන්ට හැකි උපරිමයෙන් සේවය ලබාදීමේ අරමුණින් මෙම සිව්මහල් ගොඩනැගිල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කළ බව එම ප්‍රකාශකයා පැවසීය.

කෙසේ නමුත් ජාතික රෝහලේ අනෙකුත් වාට්ටු තුල සිටින රෝගීන්ගේ ආරක්ෂාව උපරිමයෙන් සලසමින් කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමට කටයුතු කරන බවද එම ප්‍රකාශකයා අවධාරනය කරයි.

කෙසේ නමුත් කොළඹ ජාතික රෝහල වෙත පැමිණි රෝගීන්ගෙන් ආසාදිතයෙකු බවට පත් වන රෝගීන් වාට්ටු කීපයක රඳවා ප්‍රතිකාර මධ්‍යස්ථානයන් වෙත පිටත් කල නමුත් මේ වන විට ප්‍රතිකාර මධ්‍යස්ථානයන් රෝගීන්ගෙන් පිරීම යාම හේතුවෙන් කොළඹ ජාතික රෝහලවෙත පැමිණෙන කොවිඩ් රෝගීන් රෝහලේ විශේෂිත ප්‍රතිකාර ඒකකය තුල රදවා ප්‍රතිකාර ලබා දීම සහ දැඩිසත්කාර පහසුකම් අවශ්‍ය වන රෝගීන්ට එය ලබා දීමේ කටයුතු ආරම්භ කර ඇතැයි ද සඳහන්වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වැඩිම කොවිඩ් ආසාදිතයන් සමග අද කොවිඩ් මරණ 09ක්

Next Post

ඉන්දියාවට ඔක්සිජන් ගන්න ධනපතියකුගෙන් ඩොලර් කෝටියක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.