බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දවස් 11 තුළ මරණ 03යි… තවමත් අයෙක් සිහි සුන්ව දැඩි සත්කාරයේ… 28ක් රෝගී වුනා… කඳුළු ගෑස්වල විෂ සහිත මාරක… NPP නීතිඥවරු කඳුළු ගෑස්වල තොරතුරු ඉල්ලති!

by editor
මාර්තු 9, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මේ වනවිට උද්ඝෝෂණ මර්ධනය කිරීම සඳහා පොලිසිය විසින් භාවිතා කරන්නෙ ජාත්‍යාන්තරව භාවිතා නොකරන රසායනයන් අඩංගු විෂ සහිත කඳුළු ගෑස් යැයි විශ්වාස කරන බවත්, ප්‍රහාරයට යොදා ගන්නා ජලය සම්බන්ධව ද බරපතල ගැටලු ඇති බවත්, ප්‍රකාශ කරන ජ්‍යෙෂ්ඨ නීතිඥ සුනිල් වටගල සහ නීතිඥ සඳුන් යාපා කරුණාරත්න විසින් අද පොලිස්පතිවරයාට තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලිපියක් යොමුකරමින් මෙම කඳුළු ගෑස් සහ ජලය සම්බන්ධව වෙන වෙනම පූර්ණ වාර්තාවක් ඉල්ලා සිටියහ.

ජාතික ජන බලවේගයේ නීතිඥවරුන් ලෙස ඔවුන් මෙම ඉල්ලීම කරනු ලැබුවේ පසුගිය 26 වැනිදා ටවුන් හෝල් අසලත්, පෙරේදා (07) කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨය අසලත් එල්ල කළ නීති විරෝධී කඳුළුගෑස් ප්‍රහාර පදනම් කරගනිමිනි.

පසුගිය දෙසතිය තුළ පොලිිසිය විසින් එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරයන් අසාත්මික වී පුද්ගල තුන් දෙනෙක් මිය ගිය බවත්, තවත් එක් ඉංජිනේරුවරයෙක් තවමත් සිහි මුර්ජා වී ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත්, 24 දෙනෙක් ජාතික රෝහලේ ප්‍රතිකාර ගත් බවත් පවසන ජ්‍යෙෂ්ඨ නීතිඥ සුනිල් වටගල පැවසුවේ මේ මාරාන්තික තත්ත්වය කිසිසේත්ම සාමාන්‍ය නොවන බවය.

Sunil-Watagala
ජ්‍යෙෂ්ඨ නීතිඥ සුනිල් වටගල

“ අප විශ්වාස කරනවා  කල් ඉකුත්වූ කඳුළු ගෑස් උණ්ඩ ප්‍රහාරයක් එල්ල වුන බව.   එහෙම විශ්වාස කරන්න තරම් කරුණු තියනවා. එය නිවැරදිව දැනගන්න අවශ්‍ය නිසා තමයි ප්‍රහාරය එල්ල කළ ජලය සහ කඳුළු ගෑස් සම්බන්ධව වෙන වෙනම ප්‍රශ්නවාලි ඉදිරිපත් කළේ.”

“අපි දැක්කා ඊයේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවයට අති අමානුෂික ප්‍රහාරයක් එල්ල කළා නීති පීඨයට පැනලා. “

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

“වෙන පීඨයකට නොවෙයි පැන්නේ. නීති පීඨයට”

එතන ඉන්න ආරක්ෂක නිලධාරියෙක් මිය ගියා. නිවිතිගල අපේ සහෝදරයෙක් මිය ගියා. ඊයේ ගනේමුල්ලෙ කෙනෙක් මිය ගියා.  පහුගිය සතිය ඇතුළේ තුන් දෙනෙක්  ජීවිතක්ෂයට පත් වුනා. එක්කෙනෙක් සිහි මුර්ජා වෙලා ඉන්නවා. තව 28ක් ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලැබුවා. “

“මහජනතාවගේ ඉල්ලීම් දෙනව වෙනුවට මේකනම් අනුගමනය කරන ක්‍රමය අපි මේකට ඉඩ දෙන්නෙ නෑ. හරියට ප්‍රශ්නටික පොලිස්පතිට යොමු කළා.”

“මේවට එන උත්තර දිහා බලලා අපි අනිවාර්යයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. මේ සම්බන්ධව රට ඇතුළෙ නීතියට වඩා ජාත්‍යාන්තර නීති ඉතාම ප්‍රබලයි. අපි රට තුළ වගේම ජාත්‍යාන්තර වශයෙනුත් මේ සම්බන්ධව ගන්න පුලුවන් උපරිම ක්‍රියාමාර්ග ගන්නවා. “ නීතිඥවරයා කීවේය. ඔහු පෙන්වා දුන්නේ එල්ල කරන ජල ප්‍රහාරවලට යොදා ගන්නා ජලය ඇඟට වැදුණ අවස්ථාවේ සිට කැසීමක් හට ගන්නා බවය.

සනත් නිශාන්ත හිටපු රාජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කර ඇති ආකාරයට ඒ ජලය බේරෙ වැවෙන් ගෙන මාස ගණනක් පල් කළ ජලය බව නීතිඥ සුනිල් වටගල කීවේය. ඒ ජලය පිළිබඳ වාර්තාවක් ඉල්ලුවේත් ඒ නිසා බව පැවසුවේය.

නීතිඥ සඳුන් යාපා කරුණාරත්න ප්‍රකාශ කළේ අවම මරාන්තික අවියක් වූ කඳුළු ගෑස් ශ්‍රී ලංකා පොලිිසය භාවිතා කරන්නේ මාරාන්තික අවියක් ලෙස බවය.

ජනතාව ඉදිරියට කඳුළු ගෑස් ඔවුන් විසිර යෑමට උත්සාහ කරන විට ඔවුන් වටකොට පසුපස කලාපයටත් කඳුළු ගෑස් ගසන බවත් මේ අන්තර්ජාතිකව කිසිම නියමකට අනුකූල නොවන අමානුෂික ප්‍රහාරයක් බවත් නීතිඥ සඳුන් යාපා පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රමෝපාය අප්‍රේල් එළියට දමයි !

Next Post

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෘත්තීයවේදීන් අමතා  සාකච්ඡාවකට ඇරයුම් කරයි…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.