දවස් 10ට මරණ 10යි… තත්වය බරපතලයි… රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි…

පසු ගිය මාස  9 කාලය තුළ වාර්තා වූයේ කොවිඩ් මරණ 13ක් පමණක් බවත්,   දෙවන කොරෝනා රැල්ල ආර්ම්භ වීමත් සමග ගෙවීගිය දින 10 කාලය තුළ පමණක් කොවිඩ් මරණ 10ක් වාර්තා වීම බරපතල තත්වයක් බවත්  රජයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ශ්‍රි ලංකාව තුළ ව්‍යාපත් වන වෛරස් ප්‍රභේදය  මීට පෙර පැවති වෛරස් ප්‍රභේදයට වඩා ප්‍රභල බව පර්යේෂණයක් මගින් හෙළි වී තිබෙන අතර මෙම ප්‍රභේදය තුළ සංකූලතා හා මරණ වැඩි වශයෙන් සිදුවිය හැකිද යන්න පිළිබඳ තවදුරටත් සොයා බැලිය යුතු යැයි සංගමය පෙන්වා දෙයි

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දිවයිනේ 365ක් වන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වලින්  අධි අවදානම් බල ප්‍රදේශ ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 55ක් හඳුනාගෙන ඇතැයි ද සංගමය සඳහන් කරයි.


Exit mobile version