දරුවා රෙදිකඩක ඔතා අසනීප බව කියමින් පොලිසිය අන්දා මත්කුඩු ජාවරම කළ යුවලක් දැලේ…

දෙදෙනාම මහනුවර උසස් විද්‍යාලවල ආදි ශිෂ්‍යයන්...

රෙදි කඩකින් පෙරවූ දරුවා පොලිසියට පෙන්වා නොමග යවමින් කුඩු ජාවාරමේ යෙදි ඇති යුවලක් මහනුවර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අසනීප තත්ත්වයේ පසුවන පස් හැවිරිදි දරුවා රෝහල් ගත කරන්නට රැගෙන යන බව පවසමින් සුඛෝපභෝගි මෝටර් රථයකින් මහනුවර හා අවට ප්‍රදේශ වලට මත්කුඩු බෙදා හරිමින් සිටි මෙම යුවළ මහනුවර පොලීසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලුවී පීරීස් මාවතේදී රුපියල් ලක්ෂ 22ක මුදල් හා මත්කුඩු ග්රෑම් 60 ක් සමඟ පෙරේදා (09) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

සංචරණ සීමා පනවා තිබියදී පොලීසිය නොමග යෑවිම පිණිස මෙම යුවළ පස් හැවිරිදි දරුවා රෙද්දකින් පොරවා තැනින් තැනට ගමන් කරමින් අදාළ ජාවාරම ක්‍රියාත්මක කර ඇත.

Vehical
ජාවාරම්කරුවන් කුඩු ජාවාරම කළ වාහනය

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වාහනයේ සිටියදී පොලීසිය භාරයට ගත් දරුවා හතළිස් හැවිරිදි කාන්තාවගේ පළමු විවාහයේ අයෙකු බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

තිස්නව හැවිරිදි සැකකාර කාන්තාව හා ඇගේ අනියම් සැමියා වන අනෙක් සැකකරු මහනුවර හෝටලයක නවාතැන් ගෙන මෙම ජාවාරම සිදුකර තිබෙන බවත් ඔවුන් මහනුවර අවට පදිංචිකරුවන් බවත් පොලීසිය පවසයි.

මොවුන් දෙදෙනා මහනුවර ප්‍රධාන පෙළේ බාලක හා බාලිකා පාසැලක අධ්‍යාපනය ලැබ තිබෙන බව පරීක්ෂණ මගින් හෙළිව ඇත.

අත්අඩංගුවට ගත් හෙරෝයින් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 6 ක් පමණ වන බව මහනුවර පොලීසියේ දූෂණ මර්දන අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමරනායක මහතා කීය.

මහනුවර කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පලිහවඩන,මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකතුසිත හලං‍ගොඩ යන මහත්වරුන්ගේ උපදෙස් මත දූෂණ මර්දන අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමරනායක,උප පොලිස් පරීක්ෂක සේමසිංහ,කාන්තා පොලිස් සැරයන් වාසනා,පොලිස් කොස්තාපල්වරුන් වන හේමසිරි,දර්ශන,ගුණවර්ධන යන නිලධාරීන් මෙම වැටලීම සිදුකර තිබේ.

Exit mobile version