මනම්පිටිය නිමල් ජයරත්න –
මීට දින පහකට පෙර, මාතලේ නගරයට ගොස් අතුරුදහන් වූ 16 වියති තම පුතු සොයා ගැනීමට සහාය ලබා දෙන ලෙස මාතලේ, මුවන්දෙනිය, මුත්තෙට්ටුතැන්න ගම්මානයේ පදිංචි හතළිස් අටවියති, තිදරු මවක වන යූ.ජී. සුනේත්‍රා ජයරාණි ඉල්ලා සිටී.
මෙලෙස අතුරුදහන් වී ඇත්තේ මාතලේ මුවන්දෙනිය කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන 16 වියති එම්.ටී.ජී. රුවිෂාන් සංකල්ප දරුවාය. 19 වෙනිදා උදෑසන මාතලේ නගරයට යන බව පවසා නිවසින් පිටවූ තම පුතු දින පහක් තිස්සේ අතුරුදහන් වී සිටින බවත්, අද සවස් වෙන තුරුම පුතු නිවසට නොපැමිණීම නිසා තමන් රත්තොට පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත් දරුවාගේ මව කීවාය.
මෙම පාසල් දරුවා නිවසින් කුඩය පමණක් රැගෙන පිටවන අයුරු අසල නිවසක ආරක්ෂිත කැමරාවකද සටහන් වී තිබේ. අතුරුදහන් වී ඇති දරුවා පිළිබඳ යම් තොරතුරක් වෙතොත් 0711647543 අංකයට දුරකථන ඇමතුමක් ලබාදෙන ලෙසද අතුරුදහන් දරුවාගේ මව ඉල්ලා සිටී.







