දිනසේන රතුගමගේ –
කැනඩාවට ගොස් එහි ධනපතියන් බිය ගන්වා මුදල් හා වෙනත් දේපල කප්පම් වශයෙන් ලබා ගනිමින් සිටි උතුරේ මැරයන් හතර දෙනෙකු කැනේඩියානු පොලීසිය විසින් ඊයේ ( 22 ) අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම තරුණයින් හතර දෙනා යාපනය මුලතිව් හා කිළිනොච්චිය යන ප්‍රදේශ වලින් කැනඩාවට ගොස් ඇති අතර ඔවුන් කැනඩාවට ඇතුලු වී ඇත්තේ සංචාරක වීසා වලින් බවද හෙළි වී තිබේ.
අත් අඩංගුවට ගත් හතර දෙනා 35 හැවිරිදි සුකීර්තන් සිවනේසන්, මහින්තන් සිවලිංගම්, ජෙසින්තන් සිවලිංගම් සහ හෙන්රි නෙරන්ජන් බවට හඳුණාගෙන තිබේ.
මොවුන් හතර දෙනා එක්ව කැනඩාවේ පින්කෝට් ප්‍රදේශයේ නිවසක හිමිකරුවෙකුගෙන් කැනේඩියානු ඩොලර් ලක්ෂයක කප්පමක් ඉල්ලා එය ලබා ගැනීමට ගිය අවස්ථාවේදී පොලීසිය ඔවුන්ව අත් අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් හතර දෙනා සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ වලදී කැනඩාවේ ක්විබෙක් ,හා Dollard-des-Ormeaux යන ප්‍රදේශ වල පදිංචි කීප දෙනෙකුගෙන්ද කප්පම් ලබා ගෙන ඇති බවට තොරතුරු හෙළි වී තිබේ.
කැනේඩියානු පොලීසිය තවදුරටත් මේ පුද්ගලයින්ගෙන් ප්‍රශ්න කරගෙන යයි.







