දරුවන්ට අමානුෂිකව සැලකූ මහනුවර පුද්ගලික පාසලේ විදුහල්පති සහ ගුරු පිරිසට ඇප… තීන්දුව විවාදාත්මකයි!

Court-of-Inquiry

මහනුවර බොක්කාවල මොරන්කන්ද ප්‍රදේශයේ නේවාසිකව අධ්‍යාපන කටයුතු සිදු කිරීම සඳහා පහසුකම් සලසන පෞද්ගලික පාසලක (Boarding School) අධ්‍යාපනය ලබමින් සිටි ළමුන් පිරිසකට අමානුෂික ලෙස පහර දී වධ හිංසා සිදු කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ එම විදුහලේ විදුහල්පතිවරයා ඇතුළු හය දෙනා එක් අයෙකුට රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ලක්ෂ 12 ක ශරීර ඇප මත මුදා හැරීමට මහනුවර අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රාෆි   ඊයේ (15) නියෝග කළේය.

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු අධිකරණයට මෝසමක් ඉදිරිපත් කරමින් සැකකරුවන්ට ඇප ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් පසු ඔවුන්ට ඇප ලබා දීමට අතිරේක මහේස්ත්‍රාත්වරයා පියවර ගත්තේය.

ඇප මත මුදා හරිනු ලැබූ සැකකරුවන්ට යළිත් මෙම මස 20 වැනි දින අධිකරණයේ පෙනී සිටින ලෙස ද අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙලෙස ඇප නියම කරනු ලැබුවේ පී.ඩබ්ලිව්.සුජීව සම්පත් ලේකම්ගේ,එච්.ජී නුවන් ප්‍රදීප් පෙරේරා, පී.ජී පියතිස්ස ,ශාන්ත බණ්ඩාර දිසානායක, හිමාෂි හංසිකා ගුණසේකර, කේ.ඩබ්ලිව් ප්‍රසාංග මොනෝජා දිල්හාරා නැමැති අයයි.


වයස අවුරුදු 15-17 වයසේ පසුවන සිසුන් පස් දෙනෙකුට හා සිසුවියන් පස් දෙනෙකුට පහර දී හිංසා කිරීම යන චෝදනා සැකකරුවන්ට එල්ල වී තිබේ.

කෙසේ වෙතත් මේ ඇප දීමට මහේස්ත්‍රාත්වරයා ගත් තීරණය ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත්ගේ උපදෙස් මත කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.එම් කුමුදුනී සේනානායක  ය සැකකරුවන්ට එරෙහිව අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

Exit mobile version