දරුවන්ගේ අධ්‍යාපනය සඳහා වෙන් කළ FM විෂන් අධ්‍යාපන නාලිකාව ඇරඹෙයි…

හිටපු අධ්‍යාපන ඇමති ජී.එල්. සිය අවසන් ව නිල රාජකාරි කටයුත්ත සේ FM විෂන් අරඹයි...

GL

FM විෂන් නාලිකාව මෙරට අධ්‍යාපනයේ අනාගතය වෙනුවෙන් තැබූ දැවැන්ත ඉදිරි පිම්මක් බව ත් එහි උපරිම ප්‍රයෝජන ලබා ගන්නා ලෙස දූ දරුවන්ගෙන් සහ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින බව ද හිටපු අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් පැවසී ය.

සිය අධ්‍යාපන අමාත්‍ය ධූරයේ අවසන් රාජකාරිය කරමින් ඔහු ඒ බව පැවසුවේ අද (16) FM විෂන් අධ්‍යාපන නාලිකාව ආරම්භ කරමිනි.

එහිදී හිටපු අධ්‍යාපන ඇමතිවරයා මෙසේ ද පැවසුවේය.

“මෙම ව්‍යාපෘතිය අපේ සමස්ත අධ්‍යාපන ව්‍යුහයට තීරණාත්මක බලපෑමක් කරන සාධකයක් වනු ඇති. 1931 දී ප්‍රථම වතාවට අධ්‍යාපන වැඩසටහන් ගුවන් විදුලි සේවය හරහා ඉදිරිපත් කිරීම ඇරඹුණ ද අධ්‍යාපන කටයුතු සඳහා පමණක් ම වෙන්වුණු පූර්ණ කාලීන නාලිකාවක් මෙරට ආරම්භ කරනු ලබන්නේ අද දිනයේ යි.

අද රටේ පවතින ප්‍රමුඛතා අනුව මෙය අතිශයින් ම කාලෝචිත වැඩපිළිවෙළක්. අද රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය සහ අනෙකුත් විවිධ ගැටලු මධ්‍යයේ මෙම ගුවන්විදුලි නාලිකාව සමස්ත දූ දරුවන්ට අතිශයින් ම වැදගත් . මෙය ඉතා ම ක්‍රමානුකූල ව සහ විධිමත් ව සංවිධාන කොට තිබෙන නාලිකාවක්. ඒ අනුව 65%ක් පමණ විෂයයන්ට සෘජුව සම්බන්ධවන ලෙස ද 35%ක ප්‍රමාණයක් විෂය සමගාමීව දරුවන්ගේ අධ්‍යාපනයට ප්‍රයෝජනවත් කරුණු ද වශයෙන් මේ නාලිකාවෙ වැඩසටහන් අන්0තර්ගතය සකසා තිබෙනවා.


FM විෂන් නාලිකාව කියන්නේ මේ රටේ අධ්‍යාපනයේ අනාගතය වෙනුවෙන් වූ විශාල ඉදිරි පිම්මක්. එහි ප්‍රයෝජන විශාල පරාසයක් තුළ අපේ ශිෂ්‍ය දූ දරුවන්ට ලැබෙනු ඇති. මෙය ආරම්භ කිරීමට අතහිත දුන් සියල්ලන්ට මාගේ කෘතඥතාවය පුද කරනවා.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



දිවා රෑ නොබලා මේ වෙනුවෙන් කැපවුණු නිලධාරීන් අගය කරනවා. ඒ සියලු ම පාර්ශ්වයන්ගේ සාමූහික ප්‍රතිඵලයේ ප්‍රයෝජන උපරිමයෙන් ලබා ගන්නා ලෙස දූ දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.“

Exit mobile version