දඹුල්ලට ආ එළවළු ඔක්කොම මිලදී අරන්

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය තුළට අද (14) දින ලැබුණු එළවළු තොග සියල්ල රජය මැදිහත් වී යුද හමුදා කඳවුරුවල ආහාර සැපයුම් අංශ වෙත සහ ප්‍රධාන පෙලේ පුද්ගලික සුපිරි වෙළඳසැල් ජාලයක් වෙත යොමු කර තිබේ.

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා, අග්‍රාමාත්‍ය කාර්යාලය, මුදල් අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු රජයේ අංශ සමග සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව එම තීරණය ගෙන තිබුණි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමය සහ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මහනගර සභාව ද අදාළ සාකච්ඡා සඳහා සහභාගී විය.


දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු කිලෝ ලක්ෂ 5ත් 7ත් අතර ප්‍රමාණයක් ලැබී තිබුණි.

ඒවා මිලදී ගැනීම සඳහා වෙළෙඳුන් නොපැමිණීම නිසා ගොවීන් දැඩි අසීරුතාවයකට පත්ව තිබුණි.

ඒ පිළිබඳ සැලකිල්ලට ගෙන රජය මෙය කඩිනමින් තීරණය ගෙන තිබේ.

ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද දහවල් සිට සම්පූර්ණයෙන් වසා දමා ඇත.

ලබන 17වන සඳුදා අලුයම 5.00ට යළි විවෘත කිරීමට ද තීරණය වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සහ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

Exit mobile version