දකුණු පළාත්  සෞඛ්‍ය සේවවාට අතිකාල ගෙවන්න රුපියල් කෝටි 51 හිඟයක්… 

පළමු මාස 06 සඳහා පමණක්  අතිකාල ලෙස කෝටි 166ක් ගෙවලා… 

ලලිත් චාමින්ද –

දකුණු පළාත් සෞඛ්‍යසේවා දෙපාර්තමේන්තුවේ  සෞඛ්‍ය කාර්යමණ්ඩල සඳහා අතිකාල දිමනා වශයෙන් රුපියල් මිලියන 1662ක  මුදලක් මෙම වර්ෂයේ  මුල් මාස හය තුළ  ගෙවා ඇති බැව් දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම්  (මුදල්) සුනිල් පොද්දිවෙල   පවසයි.

සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය කාර්යමණ්ඩල සඳහා අතිකාල දීමනා ගෙවිම සඳහා  මසකට රුපියල් මිලියන 277ක මුදලක් වැයවන බවත්  මෙම වර්ෂය සඳහා වෙන්කොට ඇති අතිකාල දීමනා මුදලින්  ඉදිරි මාස හය සඳහා අතිකාල දීමනා ගෙවීමට ඉතිරිව ඇත්තේ තවත් රුපියල් මිලියන 1143ක මුදලක්  බවත්   සුනිල් පොද්දිවෙල කියයි.  

ඉදිරිමාස හය සඳහාම අතිකාලදිමනා ගෙවිම  සඳහා එම මුදල ප්‍රමාණවත් නොවන බවත් ඒ සඳහා තවත් රුපියල් මිලියන 519ක මුදලක් සොයාගත යුතු බවත්  හෙතෙම පවසයි.

දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලි ගමගේ   ප්‍රධානත්වයෙන් මේ පිළිබද පැවති සාකාච්ඡාවකදි  අතිරේක ප්‍රතිපාදනයක් ලෙස රුපියල් මිලියන 519ක මුදල මුදල් කොමිසමෙන් ලබාදෙන ලෙස ඉල්ලිමක් කරන  ලෙස  උපදෙස් දුන් බවද සුනිල් පෝද්දිවෙල කියයි.  


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අතිකාල දිමනා ගෙවිම සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමේ දී    සියයට 97ම  වෙන්කොට ඇත්තේ සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවට බවත් පළාත් සභාවේ අනිකුත් අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු සඳහා වෙන්වන්නේ ඉතිරි සියයට 3 බවත්  සුනිල් පොද්දිවෙල  පෙන්වාදෙයි.

Exit mobile version