බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තොණ්ඩමන් වෙනුවෙන් බොරුවට ඇඬුවාද? ඔප්පාරි ගැයුවාද…?

සමාජ ජාල කැළඹූ වීඩියෝව ගැන වෙනත් කතාවක්

by Lanka Sara Editor
ජූනි 4, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මේ දිනවල සමාජ ජාලය අරක් ගනිමින් හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමාන් මහතාගේ වියෝව තවමත් නොනැවතී කතාබහට ලක්වෙමින් තිබේ. දේහය ආදාහනය කර අවසන් වුවත් තවමත් ඔහුගේ අවමගුල පුවත් මවමින් සිටියි. ඉන් වැඩිමනක් කියන්නේ හිටපු අමාත්‍යවරයාගේ ගුණ ගායනා නොව, ගෝලීය වසංගතයක රට මුහුණදුන් මොහොතක ප්‍රභූ අවමගුලක් වෙනදා මෙන්ම පිරි රැස්වෙමින් ගැනීම තුළින් මතුව ඇති අතුරු කතා බොහොමයකි.

අවමගුලෙන් පසුව සමාජ ජාලය තුළ උපහාසයට අපහාසයට ලක්වෙමින් තිබෙන වීඩියෝවක් අපිට හමුවුණි. එය ජංගම දුරකතනයකින් පටිගත කර තිබූ එකක් වන අතර එහි තිබුණේ කදු සහිත මාර්ගයක කාන්තාවන් පිරිසක්  තොණ්ඩමාන් මහතාගේ ඡායාරූපයක් ඉදිරිපිට දෙමළ භාෂාවෙන් දෑත් හිසට තබාගෙන වැළපෙන්නාක් වැනි සිදුවීමකි. එය රූගත කරන අයකු වීඩියෝව සූදානම් කර ‘ඇක්ෂන්’ කියූවිට කතුන් පිරිස එම ක්‍රියාව අරඹන අතර ‘කට්’ කී විට අවසන් කර නැගිට යති. අසල සිටින පිරිමින්, දරුවන් මෙම සිදුවීම බලාසිටිති.

මෙය සමාජ ජාලය තුළ හුවමාරු වන්නේ හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් ව්‍යාජව වැළපෙන කාන්තාවන් පිරිසකගේ වීඩියෝවක් සකසන ආකාරයක් හගවමින් දැඩි විවේචන සහිතව ය. ඇතැමුන් දැඩි ලෙස අදහස් දක්වමින් කියා තිබුණේ ලංකා කම්කරු කොංග්‍රසය විසින් මෙම කාන්තාවන්ට වැළපෙන්නට යැයි කියා එය වීඩියෝවක් ලෙස පටිගත කොට ඔහු වෙනුවෙන් ශෝකවන ජනතාව පිළිබද හැගවීමට උත්සහ කිරීමක් ලෙසයි. තවත් අය පවසා තිබුණේ මෙම කාන්තාවන් මුදල් ගෙවා කරවන ලද්දක් බවයි.

නමුත්, ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ දෙමළ ජාතීන් අතර අවමගුලකදී සිදුවන බොහෝදෙනෙක් නොදන්නා යම් චාරිත්‍රයක් තිබේ. එය හැදින්වෙන්නේ ‘ඔප්පාරි’ ලෙසයි. එහිදී සිදුවන්නේ මියගිය පුද්ගලයා වෙනුවෙන් ඔහුගේ හෝ ඇයගේ ඥාතී මිත්‍රාදී කාන්තාවන් එක්ව දෑත් ඉහළට ඔසවමින් මියගිය තැනැත්තාගේ ගුණ වැයීම ගායනාවකින් හෝ අදෝනාවක් වැනි විලාප ස්වරයකින් ඉදිරිපත් කිරීමයි. මෙය හිටිවන කවි මෙන් පෙර සූදානමකින් තොරව ගැයෙන්නක් වන අතර එය අලංකාර බවකින් යුක්ත නොවේ. මියගිය පුද්ගලයාට සම්බන්ධ නම්, සිද්ධීන්, ස්ථාන ආදි වචන ද මෙවැනි අවස්ථාවකදී ගායනාවට ඇතුළත් කෙරෙන අවස්ථා ද ඇති බව කියැවේ.  මෙහි අරමුණ වන්නේ ජීවත්ව සිටි කාලයේදී මියගිය පුද්ගලයාගේ ගුණ සිහිපත් කර ඔහුගේ වියෝව පිළිබද කනගාටුව පළකිරීමයි. මෙය ගුණවැයුමක්, ශෝකාලාපයක් හෝ ළතෝනියක් ලෙස වුවද වෙනත් ජාතීන්ට දැකිය හැකි වේ. නමුත් මෙය සැබැවින්ම දෙමළ ජාතීන්ගේ අවමගුල් චාරිත්‍රයකි. කෙසේවෙතත් මෙම චාරිත්‍රය ද මියයමින් තිබෙන්නකි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ඔප්පාරි ගායනාවකදී කතුන් දෑත් ඉහළට ඔසවා විලාප තැබීම, සිය පපුවට ගසමින් වේදනාව පිටකරන ආකාරයක් දැක්වීම හෝ ළතෝනියක ආකාරයෙන් වැයීම මෙතෙක් පැවති සම්ප්‍රාදායයි. ඇතැම් අවමගුල් අවස්ථාවලදී ඔප්පාරි ගායිකාවන් කුලියට ගැනීම ද සිරිතකි. ආරුමුගම් තොණ්ඩමාන් අමාත්‍යවරයාගේ ඡායාරූපය ඉදිරිපිට හිදිමින් සමාජ ජාල තුළ විවේචනයට බදුන් වූ වීඩියෝව ද මෙම චාරිත්‍රය වෙනුවෙන් සකස් කරන ලද එවැනි වීඩියෝවක් විය හැකිය.

Tags: නවතම
Share77Tweet43
Previous Post

ජීවත් වෙන්න  රෙදි අපුල්ලන රජ කුලේ රජකයෝ

Next Post

කඩාවැටුණු සුළු-මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට 4% පොලියට ණය පහසුකම්…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.