බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තොණ්ඩමන්ගේ අන්තිම මොහොතේ කළ ඉල්ලීම් ගැන අගමැති අවමඟුලේදී කියයි…

by Lanka Sara Editor
මැයි 31, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

වතුකරයේ ජීවත්වන ජනතාව මුහුණ පා සිටින ගැටලු ගණනාවක් සම්බන්ධව හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා මිය යාමට මොහොතකට පෙර තමන් සමඟ සාකච්ඡා කළ බවත් එම ගැටලු සියල්ල කැබිනට් මණ්ඩලයට තමන් ඉදිරිපත් කළ බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද අවමගුල් උළෙල අමතා පැවසීය.

මෙම ගැටලු සම්බන්ධව කැබිනට් මණ්ඩලය පුළුල් ලෙස සාකච්ඡා කළ බව පැවසූ අග්‍රාමාත්‍යවරයා කඩිනමින් එම ගැටලු විසදීමට රජය පියවර ගන්නා බව සිහිපත් කළේය.

තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සවස හැටන් නෝර්වුඩ්හි පිහිටි තොන්ඩමන් ක්‍රීඩාංගණයේදී රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුකෙරුණි. ලංකා කම්කරු කොංග්‍රස්  මූලස්ථානයේ සිට විශේෂ පෙරහැරකින් නෝර්වුඩ් ක්‍රීඩාංගනය වෙත ගෙන එන ලද දේහය අවමඟුල් උත්සව සභාව ඉදිරිපිට සකසා තිබූ විශේෂ පීඨිකාවක තැන්පත් කරන ලදී.

ඒ වන විටත් ආගමික නායකයින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ දේශපාලනඥයින් ඇතුළු විවිධ පාර්ශ්ව නියෝජනය කරමින් අතිවිශාල පිරිසක් නොර්වුඩ් ක්‍රීඩාංගනය වෙත පැමිණ සිටියහ. අවමඟුල් උත්සව සභාවේ අසුන් පැනවීමේදී සෞඛ්‍ය ක්ෂෙත්‍රවල උපදෙස් මත නිරෝධායන නීතිවලට අනුකූලව සිදුකර තිබුණු අතර දේහය සම්බන්ධව කටයුතු කළ අනෙකුත් කිසිදු ස්ථානයක සෞඛ්‍ය උපදෙස් පිළිපදින ආකාරයක් දක්නට නො නොලැබිනි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ආගමික වතාවත්වලින් අනතුරුව අවමඟුල් උත්සව සභාවේ කටයුතු අවසන් වීමෙන් පසු තොණන්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කරන ලදී. අවමගුල් උත්සවය අමතමින් තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කීය.

“තොණ්ඩමන් මහතා සිය ජීවිතයට සමු ගැනීමට පැය කිහිපයකට පෙර පැමිණ මාව මුණ ගැසුණා. එතුමා මගෙන් සමු ගත්තේ ගිහින් එන්නම් කියලා ද එහෙමත් නැත්නම් යන්න කියලා ද කියන එක ගැන මට හරියටම මතක නැහැ. නමුත් එතුමා අවසාන මොහොතේ මට මුණගැසී තමන්ගේ වතුකරයේ ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කළ බව මට මතකයි. වතු කම්කරු ජනතාවගේ දිනක වැටුප රුපියල් 1000 කළ යුතු බවත් වතු නිවාස සංවර්ධනය කිරීම ගැනත් වතුකරයේ යටිතල පහසුකම් දියුණු කිරීමට මෙන්ම වසංගතයෙන් පීඩාවට පත් ජනතාවට සහන සලසන්න කෙසේද කියන එක ගැන මා සමග සාකච්ඡා කළා. ඒ අනුව එතුමා එදා සමුගත්තේ  ඔබලාගේ ප්‍රාර්ථනා  අපට භාරදීමෙන් අනතුරුවයි. ඒ අනුව එතුමා අවසන් මොහොතේ සිදුකළ ඉල්ලීම් සියල්ල ඊට පසු දිනයේ මා කැබිනට් මණ්ඩලය වෙත යොමු කළා. අපි ඒ ගැන සාකච්ඡා කළා. තොණ්ඩමන් මහත්මා වතුකරයේ ජනතාව සමඟ කටයුතු කරමින් අවංකව ජනතාවට නායකත්වය දුන් නායකයෙක් බව කිව යුතුයි.”

 

Tags: නවතම
Share76Tweet43
Previous Post

ඇමෙරිකානු පොලිස්කාරයන් නිසා ලෝක පොලිස්කාරයාත් අමාරුවේ වැටෙයිද..?

Next Post

කොරෝනා අස්සේ අභ්‍යවකාශයට ගිය ඇමෙරිකාවේ SpaceX…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.