තෙල්දෙණිය රෝහලේ කොවිඩ් මරණ 50 පනී..

Covid-Deth

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද වන විට තෙල්දෙණිය විශේෂ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ දි රෝගීන් පනස් දෙනකු මිය ගොස් තිබේ. ඉන් වැඩිම පිරිසක් මිය ගොස් ඇත්තේ ඉකුත් අලුත් අවුරුදු සමයෙන් අනතුරුවය . එය සංඛ්‍යාත්මකව විස්සකි. අදාල සියළු මෘත දේහ බලගොල්ල ආදාහනාගාරයේදි ආදාහනය කර තිබේ.

සියළු මරණ සම්බන්ධයෙන් පාතදුම්බර උඩගම්පළාත හදිසි මරණ පරික්ෂක ( සාමවිනිසුරු ) ඩබ්ලිව් එම් නෝමන් කොස්තා මහතා විසින් මරණ පරික්ෂණ සිදුකර තිබේ.

කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය ආරම්භ වීමත් සමග වැඩි වූ රෝගීන් සදහා ප්‍රතිකාර ලබා දීම සදහා මෙම රෝහල 2020 අගෝස්තු විසි තුන්වැනි දින වෙන් කරන ලදි. සැප්තැම්බර් පළමුවැනි දින සිට කොවිඩ් රෝගින් ඇතුළත් කරනු ලැබූ අතර එවකට රෝහලභාර වෛද්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ වෛද්‍ය චමින්ද වීරකෝන් මහතාය.

Exit mobile version