කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ඖෂධ සහ එන්නත් සඳහා බෙහෙවින් මුදල් වැය කිරීමට සිදුව ඇති බැවින් විදේශ මුදල් ඉතිරි කර ගැනීමට කරුණාකර ඉන්ධන හැකිතාක් පිරිමැස්මෙන් භාවිත කරන ලෙස බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
ඔහු පවසන්නේ පවතින යථාර්ථය නම් අප දැඩි විදේශ මුදල් අර්බුදයක සිටින බවය.
2021 වර්ෂයේ මුල් මාස 6 තුළ ඉන්ධන අපේ ආනයන බිලෙන් 18% ක් වී තිබේ.
මේ වසරේ අවසන් බාගයේදී එය 25% ක් පමණ විය හැකි බව ඔහු පුරෝතකනය කරයි.
එබැවින් පවතින තත්ත්වය මත හැකිතාක් ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස හෙතෙම කියාසිටී.