තෙල් කාන්දුවක් ආවොත් මිනිරන්වලින් විසඳුමක්! ඒත් තාම හිතලවත් නෑ!

prof. gamini rajapaksha

මුහුදේ නැව් අනතුරකින් තෙල් කාන්දුවක් පැමිණියහොත් එය මෙරට සුලබව පවතින මිනිරන් යොදාගෙන ඉවත් කළ හැකි ක්‍රමයක් පිළිබඳව මීට පෙර ගින්නට හසුවූ නිව් ඩයමන්ඩ් ඉන්ධන නෞකා අනතුර අවස්ථාවේ දී අදාළ බලධාරීන් දැනුවත් කළද මෙම එක්ස්ප්‍රස් පර්ල් නැව් අනතුර අවස්ථාවේදී දේශීය රසායන විද්‍යාඥයන් සාර්ථකව ඉදිරිපත් කළ මෙම ක්‍රමය පිළිබඳව කිසිදු අවධානයක් නොදැක්වූ බව පේරාදෙණිය විහ්ව විද්‍යාලයයේ රසායන විදයාව පිළිබඳ මහාචාර්ය ගාමිණි රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පැවසුවේ මෙරට පර්යේෂකයන් කණ්ඩායමක් මිනිරන්වල ව්‍යූහාත්මක වෙනස්කිරීමක් සිදු කොට එම මිනිරන් මුහුදට ඉසීමෙන් ජලය මත පාවෙන තෙල් කොටස් ඊට උරා ගැනිමක් සිදු කළ හැකි බවය. මෙසේ උරාගත් මිනිරන් ස්ථරය ඉවත් කොට එහි තිබෙන තෙල් මිරිකා ඉවත් කර යළි යළිත් මුහුදේ තෙල් ඉවත් කිරීමට යොදා ගත හැකි බවත් එය ප්‍රායෝගිකව පහසු මෙන්ම පේටන්ට් බලපත්‍ර පවා හිමි කරගෙන ඇති ක්‍රමවේදයක් බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.

එමෙන්ම මෙම නැවේ ඇතිවූ ගින්න නිවීමේදී ද රසායන විද්‍යාඥයන්ගේ සහය ලබා ගත යුතුව තිබුණද එවැන්නක් සිදුව නැතැයි පෙන්වා දුන් මහාචාර්යවරයා ජාත්‍යන්තරය ජයගත් රසායන විද්‍යා විද්වතුන් සිටින රටක මෙවැනි දේසිදුවීම කණගාටුදායක තත්ත්වයක් බව ප්‍රකාශ කළේය.


පසුගිය වතාවෙ නැවකින් තෙල් මුහුදට වැටුන වෙලාවෙත් අපි පේනවා දුන්න ඒ ව්‍යසනයෙන් ගොඩ එන්නෙ කොහොමද කියල. අපේම මිනිරන් ව්‍යූහය තරමක් වෙනස් කරල තෙල් උරා ගැනීමට සලස්වල ඒ තෙල් මිරිකල ගන්න පුළුවන් බව කීවා. අපේ කණ්ඩායමේ පර්යේෂකයෙක් රූපවාහිනී වැඩසටහනකට ගිහින් කරලත් පෙන්නුව. කිසිම කෙනෙක් මේ ගැන ඇහුවෙවත් නෑ. දැන් එයිටත් වඩා විනාශයක් වෙලා. මේක තනිකරම රසායන විද්‍යා ප්‍රශ්නයක්. රසායනි ද්‍රව්‍ය පිළිබද ප්‍රශ්නයක්. ඇයි මේ රසායන විද්‍යාව පිළිබද ලෝක ප්‍රකට මහාචාර්යවරුන් විද්වතුන් ඉන්න රටේ නිකමටවත් ඒ අයගෙන් අහන්නෙවත් නැත්තෙ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මම හිතන්නේ දැනුත් ප්‍රමාද නෑ තෙල් කාන්දුවෙන් වෙන පරිසර හානිය අවම කර ගන්න තෙල් ටික ඉවත් කර ගන්නත් පුළුවන්. සිදු වුණු හානිය නම් වන්දි වලින් තක්සේරු කරන්න බෑ. කොපමණ ඇසට පෙනෙන සහ නොපෙනන සත්තු මැරෙන්න ඇද්ද? ජලය විතරක් නෙවේ මහ පොලව වාතය කොපමණ දූෂණය වෙලාද කියල තව ගණන් හදලවත් නෑ. අම්ල වැස්ස කොපමණ කාලයක් තියේද දන්නෙ නෑ. ප්ලාස්ටික් නැනෝ සහ මයික්‍රෝ අංශු කොපමණ වාතයේ ජලයෙ වැල්ලෙ තියෙනවද දන්නෙ නෑ. මේව හොයන්න හැකි රසායන විදයාව පිළිබඳ විශෙෂඥයන්ට පමණයි. ඒත් රසායන විද්‍යායින්ගෙන් අහන්නෙවත් නෑ. ඒකයි මේ රටේ හැටි. කෘෂිකර්මය ගැන විද්වත් කතිතාවත් කරන්නෙ නීති අංශයෙ විද්වත්තු. හැම දේම ත්‍රිවිධ හමුදාවට කරන්න බෑ. ඒ අයගෙ අගය අවතක්සේරු කරනව නෙවෙයි නමුත් හරි කෙනා හරි දේට යොදවන්න ඕන.

Exit mobile version