අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තෙල් කාන්දුවක් වුණොත් පාලනය කර ගන්න කලාපීය සහය පතයි

by Lanka Sara Editor
සැප්තැම්බර් 4, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

නැගෙනහිර මුහුදේ මේ වනවිට ගිනි ගනිමින් පවතින පැනමා ධජය රැගත් ඩයමන්ඩ් තෙල් නෞකාවේ ඇති තෙල් ටොන් 270,000ක තොගය මුහුදට කාන්දු වුවහොත් එයින් සිදුවන හානි වළක්වා ගැනීමට ශ්‍රි ලංකාවට පවතින සම්පත් ඉතා සීමිත බැවින් මේ වනවිට කලාපීය රටවල සහය ඉල්ලා ඇති බව සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි දර්ශනී ළහඳපුර මහත්මිය අද ප්‍රකාශ කළාය.

මීට සුළු මොහොතකට පෙර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඇය ප්‍රකාශ කළේ අනතුර අවම කර ගැනීමට විවිධ පියවර ගන්නා අතරේ යම් හෙයකින් මෙම නැවේ පවතින තෙල් ටොන් 270,000ක ප්‍රමාණය කාන්දු වුවහොත් ඒ සම්බන්ධයෙන් ගතයුතු ආරක්ෂක පියවර සම්බන්ධයෙන් තම අධිකාරිය පූර්ණ සූදානමකින් පසුවන බවයි.

මෙම අනතුර ආරංචි වූ විගසම සමුද්‍ර පරිසර ආරක්ෂක අධිකාරිය ඔවුන්ගේ හදිසි ආපදා කමිටුව ඊයේ දහවල් රැස් කළ බවත් ඒ හරහා ගත යුතු ක්‍රියාමාර්ග ගන්නා බවත් මේ කටයුත්තට ආයතන 15ක් පමණ සම්බන්ධ වී සිටින බවත් ඇය සඳහන් කළාය.

කෙසේ වුවද මෙම සම්පූර්ණ තෙල් තොගය මුහුදට නිරාවරණය වුවහොත් එයින් ඇතිවිය හැකි බලපෑම ශ්‍රි ලංකාවට පමණක් නොව මුළු ලෝකයටම බලපානු ඇති බව සඳහන් කළ ඇය එවැනි විශාල හානියක් අවම කිරීමට ප්‍රමාණවත් සම්පත් ශ්‍රි ලංකාව සතු නොවන බවද පැවසුවාය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ නිසා කලාපීය රටවල සහය ඉල්ලා ඇති බවත් මේ වනවිට මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර ලැබෙමින් පවතින බවත් ඇය තවදුරටත් සඳහන් කළාය.

මෙතෙල් කාන්දුවක් වුවහොත් අපට ඒ සම්බන්ධයෙන් ගත හැකි පියවර සියල්ල මේ වනවිට ශ්‍රි ලංකාවේ දකුණු මුහුදු තීරයේ කිරින්ද ප්‍රදේශයේ සීරුවෙන් තබා ඇති අතර ධීවර ජනතාවට අදාළ නෞකාවේ සිට නාවික සැතපුම් පහක පමණ පරතරයක් රඳවාගෙන තම ධීවර කටයුතුවල යෙදෙන්නැයිද ඉල්ලා සිටියාය.

එයින් ඇය අනතුරු අඟවූයේ ගින්න නිසා එක්වන දුමාරය ඔවුන්ට අහිතකර විය හැකි බවය.

මේ වනවිට මුහුදු වෙරළේ සිට නැවික සැතපුම් 22ක් පමණ දිවයින දෙසට පාවී පැමිණ දිවයින ට සමාන්තරව දකුණු දෙසට දියවැල් ඔස්සේ පාවෙමින් පවතින බවත් දැනට පවතින තත්ත්වය අනුව තෙල් කාන්දුවක් සිදුවීමේ අවදානම ඉතාම අවම වන බවත් ශ්‍රි ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් අධ්‍යක්ෂ රියර් අද්මිරාල් වයි.එන් ජයරත්න මහතා ප්‍රකාශ කළේය.

මීට සුළු මොහොතකට පෙර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ නාවික හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ එන්ජින් කාමරයේ ඇති වූ ගින්න නැවේ නියමු කුටිය ඇතුළු මෙහෙයුම් මැදිරිවලට ව්‍යාප්ත වී ඇතත් මෙතෙක් නැව්වල ඉන්ධන ප්‍රවාහන ටැංකි ඉතා ආරක්ෂිත ලෙසින් නිපදවා අති බැවින් ගින්න ව්‍යාප්ත වීමේ අවදානම ඉතා අවම වන බවයි.

විශේෂයෙන් මේ වනවිට නාවික හමුදාව, වරාය අධිකාරිය, ඉන්දීය නාවික හමුදාවේ යාත්‍රා මඟින් ගින්න පාලනය කිරීම සඳහා විශේෂ මෙහෙයුමක් කරගෙන යන අතර ගුවන් හමුදාවද ගුවන් ජලය ගෙනවිත් එය වළක්වන බව ප්‍රකාශ කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගිනිගන්නා තෙල් නැවේ අවුරුදු සියයකටවත් මකන්න බැරි අවදානමක්

Next Post

ගිනිගත් නැවේ කාර්ය මණ්ඩලයත් සටනට එක්වෙයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.