සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තීරණ කීපයක් ගන්න එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය සදුදා රැස්වෙයි

by Lanka Sara Editor
ජූනි 6, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණාත්මක රැස්වීම්ක් සඳුදා (8) සවස එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වේ.

පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබෙන මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ ආරම්භ කිරීම එජාප ව්‍යවස්ථාව උල්ලංඝනය කළ එම පක්ෂයේ නගරාධිපතිවරු උප නගරාධිපතිවරු ප්‍රාදේශීය සභා ප්‍රාදේශීය සභා සභාපතිවරු, උපසභාපතිවරු, විපක්ෂ නායකවරු හා මන්ත්‍රීවරු එම තනතුරුවලින් ඉවත් කිරීම් සම්බන්ධව අවසන් තීරණයක් මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී ගැනීමට නියමිතව ඇත.

ජාතික සමගි ජන බලවේගය යටතේ මෙවර මහා මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් 99 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පසුගිය කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීරණය කරනු ලැබූ අතර ඒ සියලු දෙනා විනය පරීක්ෂණයකට කැඳවීමේ ලිපි සදුදා දින යැවීමට ද නියමිතය. එමෙන්ම සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් හා මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පිළිපදිමින් එක්සත් ජාතික පක්ෂ මැතිවරණ ව්‍යාපාරය සැලසුම් කිරීම සඳහා පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කොට තීන්දු තීරණවලට පැමිණීමට නියමිතය.

කුමන ආකාරයට විනය පරීක්ෂණ පැවැත්වුවත් සමගි ජන බලවේගය සමග එක්ව සිටින කණ්ඩායම් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කිරීමට හැකියාවක් නොමැති බවත් ඔවුන් සියලු දෙනා අදටත් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් බවත් සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා මේ සම්බන්ධයෙන් අදහස් පල කරමින් පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සමගි ජන බලවේගය නිර්මාණය කළේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සහ පක්ෂ නායකත්වයේ පූර්ණ අනුමැතිය ලබාගෙන බව පවසන රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඒ බව නීත්‍යානුකූලව ඔප්පු කිරීමට අවශ්‍ය සියලූ සාක්ෂි තමන් සතුව තිබෙන බව අනාවරණයය කළේය.

1994 සිට එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායකත්වය ගන්නා ලද කිසිදු තීරණ සම්බන්ධව තමන් සහ සමගි ජන බලවේගය සමග එක්ව සිටින අයට නිසි අවබෝධයක් තිබෙන බැවින් මෙවැනි තීන්දු සම්බන්ධව තමා හෝ ජන බලවේගයේ සාමාජිකයින් කිසිදු කලබලයකට පත් නොවන බව වැඩිදුරටත් පැවසීය.

මේ සම්බන්ධව එක්සත් ජාතික පක්ෂයේ මහා මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාගෙන් අප කළ විමසුමකදී ඔහු කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායමට සන්ධානයක්, පෙරමුණක් සෑදීම් සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අවසරය දුන්නද අලුතින් පක්ෂයක් නිර්මාණය කිරීමට හෝ එහි සාමාජිකත්වය ලබාගැනීමට කිසිදු අනුමැතියක් ලබා දී නැති බවයි.

මේ අය සම්බන්ධව මින් ඉදිරියට කිසිදු සමාවක් දීමේ හැකියාවක් නොමැති බව ප්‍රකාශ කරන ඒ මහතා පක්ෂයේ ව්‍යවස්ථාව කඩ කළ ඔවුන් සියලුදෙනාට නීත්‍යානුකූලව ගත හැකි උපරිම පියවර ගන්නා බව වැඩිදුරටත් පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කැලිෆෝනියාවේ පිහිටි ඇමේසන් ගබඩාවක් මුලුමනින්ම විනාශයි

Next Post

ජාතික රෝහල් බිමේ ඩෙංගු තවාන් 22ක්.

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.