තිලීපන් සමරු උත්සව ගැන ශ්‍රීකාන්තාගෙන් ප්‍රශ්න කිරීම අරඹයි.

දිනසේන රතුගමගේ –

යාපනය පොලීසිය තමිල් මක්කල් දේශීය කූට්ටනි  පක්ෂයේ එස්.ශ්‍රීකාන්තාගෙන්   ප්‍රශ්න කිරීම  ඊයේ (26) ආරම්භ කොට තිබේ.

යාපනය අධිකරණ බලප්‍රදේශය තුළ තිලීපන් වෙනුවෙන් කිසිදු සමරු උළෙලක් පැවැත්වීම තහනම් කොට තිබියදී දෙමළ දේශපාලන පක්ෂ හා  සිවිල් සංවිධාන එකතු කොට උපවාස දියත් කිරීමට කටයුතු කිරීම ශ්‍රීකාන්තාට එල්ල වී ඇති චෝදනාවයි.

ඔහු පොලීසියට හා මාධ්‍යයට පවසා ඇත්තේ තිලීපන්ගේ ඡායාරූපයක් හෝ කිසිම සැරසිල්ලක් නොමැතිව කළ මේ උපවාසය තිලීපන් සමරා කරණ ලද උපවාසයක් ලෙස  පොලීසියට හැඳින්විය නොහැකි බවයි.


දෙමළ හින්දු ජනතාවගේ එක් ආගමික චාරිත්‍රයක් වන්නේ උපවාස ශීලය බවත් ඊට අවුරුදු පන් දහසකට වඩා ඈත ඉතිහාසයක් ඇති බවත් ශ්‍රීකාන්තා  පවසා තිබේ.

උපවාස කිරීමේ චෝදනාව යටතේ කිසිදු අයෙකු අත් අඩංගුවට ගැනීමට කවරෙකුටවත් බලයක් නොමැති බවද  ශ්‍රීකාන්තා   පෙන්වා දෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී කාන්තා  මීට පෙර ටෙලෝ සංවිධානයේ මහ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ අතර පක්ෂයේ අනුමැතියකින් තොරව ශිවාජිලිංගම්   ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ දී ඔහුට සහය පලකිරීම නිසා ඔහු ටෙලෝ සංවිධානයෙන් ඉවත්ව ගොස්  සී.වී. විග්නේස්වරන්  ගේ තමිල්  මක්කල් දේශීය කූට්ටනි පක්ෂයට එකතු වී සිටියි.

Exit mobile version