දිනසේන රතුගමගේ –
තිලීපන් සැමරුම් උත්සව අධිකරණ නියෝග මගින් අත්හිටුවීම ප්රජාතන්ත්රවාදී ක්රියාදාමයට පටහැනි බැවින් ඊට දින තුනක් ඇතුළත විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලා දෙමළ දේශපාලන පක්ෂ කීපයක් ජනාධිපතිවරයාට හා අග්රාමාත්යවරයාට 19 දා ලිපියක් යවමින් ඉල්ලීමක් කොට තිබේ.
මෙම ලිපියට දෙමළ දේශපාලන පක්ෂ කීපයකට අයත් 11 දෙනෙකු අත්සන් කොට ඇති අතර ඔවුන් සිය ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ තිලීපන් දෙමළ වැසියන්ගේ යහපත වෙනුවෙන් ඔහුගේ ජීවිතය කැප කළ අයෙකු නිසා ඔහුව සැමරීමට දෙමළ ජනතාවට අයිතියක් ඇති බවයි.
දකුණේ සිංහල සමාජය විසින් එම ජනතාවට විවිධ ආකාරයට සේවය කළ පුද්ගලයින් සමරා විවිධ උත්සව පවත්වනවා සේම උතුරේ වැසියන්ටද එවැනි අයිතියක් ඇතැයි ඔවුන් සිය ලිපිය මගින් පෙන්වා දී ඇත.
මේ නිසා තිලීපන්ගේ සමරු උළෙලවල් මේ මස 26 වෙනිදා තෙක් පැවැත්විය හැකි බැවින් දින තුනක් ඇතුළත මේ අසාධාරණ අධිකරණ නියෝග ලබා ගැනීමේ පොලිස් ක්රියාදාමය ඉවත් කොට උතුරේ දෙමළ ජනතාවට සහය ලබා දෙන ලෙස ඉල්ලා තිබේ.