තාවකාලිකව හෙට උදේ 8ට වර්ජනය නැවැත්තුවත් අසාධාරණ බද්දට එරෙහි සටන අඛණ්ඩව කරනවා… GMOA කියයි!

ශ්‍රියානි විජේසිංහ –                                            

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ආරම්භ කළ වැඩවර්ජනය හෙට උදෑසන 8.00ට අවසන් වන බව එම එකමුතුව සඳහන් කරයි.

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් තමන් වෙත යොමු කළ ලිපිය හරහා ලබා දී ඇති සංඥා පිළිබඳව ද  අවධානය යොමු කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව, මේ වන විට ආරම්භ කර අඛණ්ඩව දියත් කිරීමට සැලසුම් කර තිබු වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හෙට දින උදෑසන 8.00 ට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කල බව සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛදය චමිල් විජේසිංහ   පැවසුවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


 කෙසේ නමුත් තම සාමාජිකත්වය  අපේක්ෂා කළ සුවිශේෂි විසඳුම් කිසිවක් මෙම ලියවිල්ල තුළ අන්තර්ගතව නොමැති තත්ත්වය යටතේ අපේක්ෂිත නිශ්චිත විසඳුම් ප්‍රකාශයට පත් වන මොහොත දක්වා මෙම අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහි සටන අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට අද සවස රැස්වූ  සංගමයේ විධායක සභාව එකමතිව තීරණය කළ බව හෙතෙම පැවසීය.

Exit mobile version