සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තායිලන්ත ප්‍රදානයන් ලෙස ලැබුන පසු වසර ගණනාවක්  කෲර ලෙස නොසලකා හළ තවත්  ඇතුන් දෙදෙනෙක් යළි සිය රටට ගෙන්වා ගැනීමට තායිලන්තය සැරසෙයි…

by editor
ඔක්තෝබර් 24, 2025
in පුවත්
thai-elephants
Share on FacebookShare on Twitter

දැනට ශ්‍රී ලංකාව තුළ නොසලකා හැරිමට ලක් කර ඇති, තායි රජය විසින් රාජකීය ත්‍යාගයන් සේ ප්‍රදානය කරන ලද තවත් ඇතුන් දෙදෙනෙක් යළි සිය රටට ගෙන්ව ගැනීම වහාම ක්‍රියාත්මවක වන පරිදි කටයුතු සැලසුම් කිරීමට තායි අගමැති අනුටින් චාන්විරකුල් “ගේ අවධානයට යොමු වී ඇතැයි තායිලන්ත මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙසේ සිය රටට යලි ගෙන්වා ගැනීම ගැන සලකා බලමින් ඇත්තේ  “ප්ලයි ශ්‍රීනාරොං” සහ “ප්ලයි ප්‍රාතු ෆා” යන තායි අලි  ඇතුන් දෙදෙනාය.

මෙම ගෙන්වා ගැනීම සඳහා වූ මූලික රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා බලන බ්‍රහස්පතින්දා (28)  තායිලන්තයේ  ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ පැවැත්වීමට නියමිතව තිබේ.

ෙමේ ආකාරයෙන්ම නොසලකා හැර වද බන්ධනයට පත් කර තිබු දෙරටේ මිත්‍රත්වය තහවුරු කිරීමේ සංකේතයක් ලෙස තායිලන්ත රජතුමා විසින් ශ්‍රී ලංකාවට ප්‍රදානය කර තිබු ප්ලයි සක් සුරින් ලෙස හැඳින් වු හස්ථියා ලෝක අවධානයක් සහිත මෙහෙයුමකින් අනතුරුව ශ්‍රී ලංකාවේ සිට යළි තායිලන්තය වෙත රැගෙන ගොස් තිබිණි.

මේ මෙහෙයුමෙන් පසු නොසලකා හරින ලද  විදේශයන්හි  වෙසෙන තායි අලි ඇතුන් නැවත සිය රටට ගෙන්වා ගැනිම සම්බන්ධව මහජන අවධානය ද  වැඩි වශයෙන් යොමු විය.

RelatedPosts

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

දැනට තායිලන්ත රජය විසින් යළි සිය රටට ගෙන්වා ගැනීමට සැලසුම් කරන  ප්ලයි ශ්‍රීනාරොං”  ශ්‍රී ලංකාවට ලබා දී ඇත්තේ වර්ෂ 2001 දීය.  ප්ලයි ප්‍රාතු ෆා ලංකාවට පැමිණ ඇත්තේ වර්ෂ 1980 දී ය.  තායි මාධ්‍ය වාර්තා කරන්නේ   ආගමික උත්සවවල අධික වැඩ බර හේතුවෙන් දැන් මේ හස්තීන් දෙපළ දැඩි සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දී සිටින බවය. මේ තත්ත්වය තුළ මෙම ඇතුන්  නැවත ගෙන්වා ගැනීම  සඳහා වන මහජන ඉල්ලීම් වැඩි වී ඇති බවත් ඒ තත්ත්වය තුළ  තායි රජයේ මෙම ව්‍යාපෘතියට මැදිහත් වී ඇති බවත් තායිලන්ත මාධ්‍ය වාර්තා කර ඇත.

තායිලන්තයේ  ස්වභාවික සම්පත් හා පරිසර අමාත්‍ය සුචර්ට් චොම්ක්ලින් බ්‍රහස්පතින්දා මාධ්‍ය වෙත  තහවුරු කර ඇත්තේ  අගමැති අනුටින් චාන්විරකුල් මෙම ඇතුන් දෙදෙනා  තායිලන්තයට නැවත ගෙන ඒම සඳහා රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන්ට එකඟ වී ඇති බවය. රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිළිවෙළක් කරගැනීම සඳහා යම් කාලයක් ගත වුව ද   ඇතුන් දෙදෙනා නැවත පැමිණීමට පහසුකම් සැලසීමට   රජය අදාළ සියලුම ආයතන සමඟ සම්බන්ධීකරණය කරන බවය.

මේ සාකච්ඡා යන අතරතුර තායිලන්ත පරිසර අමාත්‍යාංශයේ ස්ථිර ලේකම්වරයාත්, වනජීවී සහ ශාඛ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාත්, ඇතුළු පරිසර අමාත්‍යාංශයේ කණ්ඩායමක් ලංකාවට පැමිණ මෙම ඇතුන් දෙදෙනාගේ සෞඛ්‍යය තත්ත්වය තහවුරු කරනු ඇතැයි තායිලන්ත මාධ්‍යවල දැක්වේ.

ඇතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන තායිලන්තයේ පලවන තොරතුරු –

ඇතුන්  දෙදෙනාම අධික ලෙස වැඩ කර ඇති බවත්, එය සෞඛ්‍ය ගැටළු වලට තුඩු දී ඇති  බවත් මූලික සෞඛ්‍ය වාර්තාවලින් අනාවරණය වන බව තායි මාධ්‍ය වාර්තා කියයි.   නමුත් ඔවුන් තවමත් මින් පෙර ලංකාවෙන් තායිලන්තය වෙත ගෙන්වා ගත්  “ප්ලයි සක් සුරින්” වැනි දරුණු රෝග ලක්ෂණ පෙන්වා නැති බව සඳහන් කර ඇත.

ලංකාවට පැමිනෙණ තායිලන්ත නියෝජිත කණ්ඩායම ලබා ගන්නා සෞඛ්‍ය තක්සේරුවලින් ඇතුන් දෙදෙනාගේ සෞඛ්‍ය තත්ත්වය අවදානමට ලක්ව ඇතැයි අනාවරණය වන්නේ නම් ඔවුන් යළි තායිලන්තයට රැගෙන ගොස්  ප්‍රතිකාර කිරීමේ හැකියාව සම්බන්ධව අවධානය යොමුවනු ඇතැයි පැවසේ.

“සාකච්ඡා සාර්ථක වුවහොත්, තායි අලි හසුරුවන්නන්, ජාතික අලි ආයතනයේ පශු වෛද්‍යවරුන් සහ ප්‍රවාහන කටයුතු සම්බන්ධ කර ගනිමින් 2023 දී ‘ප්ලයි සක් සුරින්’ නැවත රැගෙන පැමිණි සැලසුමේ  ආකෘතියම අපි භාවිතා කරනවා..,”  තායිලන්ත පරිසර ඇමතිවරයා ප්‍රකාශ කර තිබේ.

සමස්ත ක්‍රියාවලියටම ශ්‍රී ලංකා රජයෙන් සහ අලි දෙදෙනා අයත් පන්සල් දෙකෙන්ම අන්‍යෝන්‍ය කැමැත්ත ලබා ගත යුතු බව ද තායි  පරිසර අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

වර්ෂ 2001 සිට 2016 දක්වා, තායිලන්ත රජය,  ශ්‍රී ලංකාව, ඩෙන්මාර්කය, ජපානය, ස්වීඩනය සහ ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් පහකට අලි ඇතුන් 20 දෙනෙකු තායිලන්තයේ සංස්කෘතික නියෝජනයන් ලෙස යවා ඇත.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

භාවිතයෙන් ඉවත්කළ වාහන 76ක් යුද්ධ හමුදාවෙන් නවීකරණය කර සේවයට එක්කරයි! –

Next Post

පොලිස් ඇමති තුමා… ඇදගෙන නාගන්නේ නැතිව පොලිස්පති එක්ක කතා බහ කරන් එක කතාවක් කියන්න..

Related Posts

පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!
  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.